1957 පෙබ්‍රවාරි 1 වෙනි දින, හරියටම මධ්‍යම රාත්‍රී 12 ට, එනම් පෙබ්‍රවාරි 2 වෙනි දින උදාවත් සමගම, නැතහොත් ලොවට අළුත් දවසක් උදාවත් සමගම මෙලොවට උපන් රොහාන් ලලිත් අපොන්සු නම් වූ අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, එතැන් සිට මේ දක්වා එතුමන් ගත කල දිවිය, එතුමන් පැමිණි මග දෙස, හොඳ සිහි බුද්ධියෙන් බලන විට පෙනී යන්නේ, ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ උත්පත්තිය නිකම්ම නිකම් සාමාන්‍ය උපතක් නොවන බවයි, නැතහොත් අහම්බෙන් සිදුවූ දරු උපතක් නොවන බවයි. ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ ප්‍රබල සැලැස්මක් අනුව, මුළු ලෝකය සඳහා උතුම් දූත මෙහෙවරක් පිණිස, මෙම අපොස්තුළුවරයාණන්ගේ උපත සිදු වී ඇති බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කරන්නට පුළුවනි. ජේසු තුමන්ගේ ප්‍රතිහාර්යාත්මක අපොස්තුළු තුමා ලෙස පිදුම් ලබන, රොහාන් ලලිත් අපොන්සු නම් වූ අපගේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සැබවින්ම දෙවියන් වහන්සේ විසින් අපට උරුම කර දුන් මහා දිව්‍ය තිලිණයක්මයි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තුළු තුමෙකු ලෙසින් පත්වීම් ලබන්නට වරම් උරුමව මෙලොවට ඉපදුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වෙතින් අප කාටත් දැනගැනීමට බොහෝ දේ ඇත. විශේෂයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇත්තෙන්ම පවසා ඇත්තේ මොනවාද, සැඟවී ඇති උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද………? මේවා අප දැනගත යුතුය. මන්ද අපොස්තුළු තුමෙක් ලොවට ඉපදී ඇත. අපොස්තුළු තුමෙක් ලොවට පහලවීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් බව ඔබ දන්නවාද?