කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අනුව සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව්මවු ප්‍රතිමාව සහිත මණ්ඩපය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එසේ ඉවත් කරන්නේ දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහායි. මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබුවේ 1984 වසරේ පෙබ්‍රවාරි 12 වෙනි දිනයි.

 

දෙව් මවු ප්‍රතිමාව ඉවත්කිරීමට පෙර, ප්‍රතිමාව අභියස දින නවයක් ජපමාලය ඔප්පු කරන ලෙසට, දෙව් මවුන් විසින්ම කරනු ලැබූ ඉල්ලීමක් හේතුවෙන්, දෙව් මවු ප්‍රතිමාව අභියස ජපමාලය පුද කිරීමට සැදැහැවතුන් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රථම දිනය 2013 අගෝස්තු 3 වෙනි සෙනසුරාදා සවස ආරම්භ වුනා. මෙලෙස සෙනසුරාදාවන් නවයක් ජපමාලය පුද කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

සත්වන ජපමාල දිනය සැප්තැම්බර් 14 වෙනි සෙනසුරාදා සවස පැවැත්වෙනවා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් ද ඊට සහභාගි වීමට නියමිතයි.

 

සැප්තැම්බර් 7 වෙනි සෙනසුරාදා සවස සයවන ජපමාල උච්චාරණයට ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සහභාගි වුනා. උන්වහන්සේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පීඨිකාවේ සිට ජපමාලය උච්චාරණයට සහභාගිවූ අතර සැදැහැවතුන් ද දෙව් මවු ප්‍රතිමාව අභියස සිට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමගින් ජපමාලයට එක්වුනා. පහත ඡායාරූප මගින් එම අවස්ථාව ඔබට දැකගත හැකියි.