‛‛සියළුම දේවදූතයන් සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ යටතේයි. ඒ නිසාම සියළු දේව දූතයන්ගේ රාජේශ්වරිය වන්නේ නිර්මල කන්‍ය මරිය වහන්සේයි. මේ දේව දූතයන් පිළිබඳව සෑම ක්‍රිස්තු භක්තිකයෙක්ම දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත්. ස්වර්ගයේ සිටින සියළුම අපොස්තුළුවරුන්ගේ සහ ශුද්ධවන්තයන්ගේ කාර්යභාරයට වඩා යම් ආකාරක විශේෂ කාර්ය භාරයක් කරනු ලබන පිරිසක් මේ දේව දූතයෝ.’’
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කරණු ලැබුවේ, 2011 මැයි 28 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුරේදී පුද කරනු ලැබූ ශුද්ධවු සුරදූතයන්ගේ දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනි.
මෙදින ශ්‍රී ලංකා දිවයින පුරා පැවති අධික වර්ෂාව ද නොතකා සැදැහැවතුන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් දර්ශණ දෙව්මැඳුර තුල පැවැත්වෙන ශුද්ධවු සුරදූතයන්ගේ දිව්‍ය පූජා මෙහෙයට සහභාගාවීම සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටියහ. දිව්‍ය පූජා මෙහෙය සවස 4ට ආරම්භ විය.
දිව්‍ය පූජා මෙහෙයේ දේශණයේදී, සුරදූතයන් පිළිබඳව සැදැහැවතුන්ව තව තවත් දැනුවත් කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛ක්‍රිස්තුස් වහන්සේ පවා මනුෂ්‍යයෙක් ලෙස මේ ලෝකයට පැමිණීමෙන් පසුව, උන්වහන්සේ පවා දේව දූතයන්ගේ සහය ලබා ගත්තා. ජේසු තුමාව පාවා දෙනු ලැබූ රාත්‍රියේ ගෙත්සමෙනි මල් උයනේදී, උන්වහන්සේ දැඩි ශෝකයෙන් පසු වෙත්දී, උන්වහන්සේගේ සහයට පැමිණියේ දේව දූතයෙක්. උන්වහන්සේව සැනසුවේ දේව දූතයෙක්. සර්වබලධාරි දෙවිවූ ජේසුස් ස්වාමින් වහන්සේව සැනසීමට පවා දේව දූතයෙක් සමත් වූවා නම්, දුර්වල මනුෂ්‍යයන් වන අපව සැනසීමට දේව දූතයන්ට කොතරම් පහසුද? නමුත් අප දේව දූතයන් ගැන නොදැනීම නිසා ඒ අයගෙන් ප්‍රයෝජන ගැනීමට දන්නේ නැහැ.’’
තම දේශණය සමාප්ත කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛මෙම සිද්ධස්ථානය ජේසු තුමා දර්ශණය වූ සිද්ධස්ථානයක්. මරිය තුමී දර්ශණය වූ සහ නැවත දර්ශණය වීමට නියමිත සිද්ධස්ථානයක්. මේ මහා පුදුම හාස්කම් භූමියක්. දේව දූතයන් යන එන පමණක් නොව, දේව දූතයන් සැරිසරණ භූමියක්. ඉතින් මේ සිද්ධස්ථානයේදී ඔයගොල්ලෝ දේව දූතයන් ගැන හොඳට අවබෝධ කරගන්නට ඕනා. දේව දූතයන් ගැන බොහෝ දේවල් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. දේව දූතයන් ගැන බොහෝ කරුණු ජේසුස් ස්වාමින් වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා බයිබලයේ සඳහන් වෙනවා. නමුත් බොහෝ කිතුණුවන් බයිබලය ගැන දන්නේ නැහැ. ජේසු මොනවද කියල තියෙන්නේ, ජේසු කොහොමද අපට ජීවත්වෙලා ඉන්න කියලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේ නොදන්නාකම නිසා වැරදි කරනවා වගේම, ජේසුගෙන්, මරිය තුමියගෙන්, දේව දූතයන්ගෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ.’’
2011 මැයි 28 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල දී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ශුද්ධවූ සුරදූතයන්ගේ දිව්‍ය පූජා මෙහෙය පුද කරනු ලැබූ අයුරු පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.