නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය ඊයේ (ඔක්තෝබර් 3 සෙනසුරාදා) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය. මෙදින සවස ජපමාල උච්චාරණය සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටි සැදැහැවතුන් දර්ශණ දේව මන්දීරය තුල දී මෙම ස්වර්ගීය සුවද විද ගැනීමට වාසනාව ලදහ.

 

දර්ශණ දේව මන්දීරයේ දෙව් මවුන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙන අවස්ථාවේ ඡායාරූප කීපයක් ඔබට මෙහි දැක ගත හැකියි