දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසු තුමන් අභියස, අද මේ මොහොතේ ඔබ සවන් දෙන්නේ ජේසුස් ස්වාමින් වහන්සේව ද, උන්වහන්සේගේ මෑණියන් වූ නිර්මල කන්‍ය මරිය තුමියව ද ඇසින් දුටු පුද්ගලයකුටයි. ඒ නිසා ජේසුස් ස්වාමින් වහන්සේ ගැන, මරිය තුමී ගැන, ස්වර්ග රාජ්‍යය ගැන හොඳටම කියන්ඩ දන්න පුද්ගලයෙක් මම. එයට මාර්ගය පෙන්වා දිය හැකි හොඳම පුද්ගලයා මමයි. මොකද මගේම ඇසින් දුටු අත්දැකීම් රැසක් මේ පිළිබඳව මට තිබෙනවා.

 

ඔබේ ජීවිත ක්‍රමක්‍රමයෙන් ශුද්ධවන්ත කරගන්ඩ. මෙය පව්කාරයන්ගේ භූමියයි. සිල්වතුන්, ශුද්ධවන්තයන් සඳහා නොවේ. පව්කාරයන්ව හරි මාර්ගයට ගැනීමේ භූමියයි. මරිය තුමියගේ දහම් පාසැලයි. ජේසුස් ස්වාමින් වහන්සේගේ දහම් විදුහලයි. එය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ඒ නිසා ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම කුලයක, ඕනෑම කෙනෙකුට, සෑම පව්කාරයෙකුටම මේ සිද්ධස්ථානය විවෘතයි, ඔවුන්ට දහම් මග පෙන්වා දීම සඳහා. එයින් ඔබත් නැවුම් තොරතුරක් ලබා ගන්න. නැවුම් ආශ්වාසයක් ආග්‍රහනය කරන්ඩ. එවිට ජේසුස් ස්වාමින් වහන්සේ ළඟට ඔබටත් යම් දිනක යන්නට පුළුවන්. එදාට කියන්ඩ, ස්වාමිනි, මෑණියනි, ඔබතුමිය දර්ශණය වූ ඔබවහන්සේලා දර්ශණය වූ කටුනායක පල්ලියට මං ගියා. ඔබවහන්සේලා වෙතට මග පෙන්වන්ඩ, ඔබවහන්සේලා වෙතට එන්ඩ මට මග පෙන්නුවේ, ඔබවහන්සේලා පත් කරපු අපොස්තුළු තුමයි. ඒ ටික ඔබ කිව්වොත්, ඔබ අතරින් එක්කෙනෙක්වත් එය ප්‍රකාශ කළොත්, එය මා ලබන ලොකුම ජයග්‍රහණයයි. මගේ අපොස්තුළුවරයේ ජයග්‍රහණය එයයි. එක පව්කාරයකුගේ හැරීම ස්වර්ග රාජ්‍යය සන්තෝෂ වෙනවා.

 

(2011 ඔක්තෝම්බර් 8 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ බැතිමතුන් අමතා පවත්වනු ලැබූ දේශණයෙන් කොටසකි)