නිර්මල මරිය තුමියගේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙයි – මරිය තුමියගෙන් නැවතත් ප්‍රභල ප්‍රාතිහාර්‍යයක්

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය පසුගිය සිකුරාදා (2023 ඔක්තෝම්බර් 20) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ…

තමන්ගේ තාත්තත් අම්මත් ආදරයෙන් සතුටින් ජීවත්වෙනවා දැකීම දරුවෙකුගේ ලොකුම සතුටයි – ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලබයි

‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට දිය යුතු අත්‍යවශයම ත්‍යාගය සතුට යි. නිතරම විමසිලිමත් වන්න, දරුවා සතුටින් ජීවත්වෙනවා දැ යි සොයාබැලීමට. ඕනෑම දරුවෙක් සතුටුවන ප්‍රධානතම කරුණ වන්නේ, රසවත් ආහාර, සෙල්ලම් බඩු, ලස්සන ඇඳුම් වැනි දේ නොවෙයි. තමන්ගේ තාත්තත් අම්මත් ආදරයෙන් සතුටින් ජීවත්වෙනවා දැකීම දරුවෙකුගේ ලොකුම සතුටයි. තමන්ගේ තාත්ත යි අම්ම යි නිතර දබරකර ගන්නා ආකාරය දකින…

ක්‍රිස්තියාණින්ට කෙසේවත් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අමතක කරන්නට බැහැ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධවූ උත්ථානය අපි සතුටින් සිහිපත් කරනු ලැබුවත්, කුමන අවස්ථාවක දී වත්, කෙසේවත්, අපට උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය අමතක කරන්නට බැහැ. ක්‍රිස්තියානින් හැටියට උන්වහන්සේගේ කුරුසිය, උන්වහන්සේගේ ජීවිත පූජාව අමතක කරලා අපට ජීවත් වන්නට බැහැ. ඒ තුලින් සියලු කිතුනුවන් ජීවයක් ලබනවා. උන්වහන්සේගේ ශුද්ධවු කුරුසයේ පූජාව අපි සිහිපත් කරන සෑම අවස්ථාවකදීම අපගේ හදවත් උන්වහන්සේ කෙරෙහි දයාබරව එසවෙනවා….

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය පූජනීය ධූරයේ වසර 48ක් සපුරනු ලබයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය පූජනීය අපොස්තුළු ධූරයේ වසර 48 ක් නිමවා 49 වන නව අපොස්තලික වසර, 2023 පෙබ්‍රවාරි 7 වෙනි දිනයේ අරඹනු ලැබුවා.   1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ලොව දස සතර වෙනි අපොස්තුළුතුමා ලෙසින් ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන…

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට කල ලොකුම හාස්කම

අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට කල ලොකුම හාස්කම ලෙස මම දකින්නේ, උන්වහන්සේ සාමාන්‍ය දුබල මනුෂ්‍යයකු ලෙස මේ ලෝකයට පැමිණීමයි. ශුද්ධවු පාවුළු අපොස්තුළුතුමා තිමෝතියස් වෙත ලියනු ලැබූ ලිපියෙහි මෙවැන්නක් සඳහන් කර තිබෙනවා. උන්වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය, අධිපති, රාජාති රාජ, දේවාතිදේව තැනැන්වහන්සේය. උන්වහන්සේ පමණක් අමරණීයය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන්වහන්සේ වසන සේක. (තිමෝති…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී වසර හතලිස් අටක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් අටක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා.   නිර්මල…

මැදියම් රැයක ලොව එළිය දුටු අපොස්තුළුතුමා

ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අදටත් ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 66 වන ජන්ම දිනය පෙබ්‍රවාරි දෙවෙනි දිනයට යෙදී තිබෙනවා. නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ව විසිතුන් වරක් දැක ගැනීමට පමණක් නොව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දර්ශණයෙන් දැකගෙන උන්වහන්සේ වෙතින් අපොස්තුළුවරම් ලැබුමට තරම් සුවිශේෂී වාසනා මහිමයක් හිමිකරගනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ උත්පත්තිය හා සමගින් බැඳුන කරුණු කාරනාවන් ද…

බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය පෙබ්‍රවාරි පළමුවෙනි දා මැදියම් රැයේ උදාවේ

මින් වසර 66 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2023 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් අටවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නත්තල් දිව්‍ය පූජා මෙහෙය පවත්වනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ බැතිමත්ව රැස්ව සිටි සැදැහැවත් ජන පිරිසක් මැදයි. මැදියම් රැය ද නොතකා, රොක් වී සිටි සැදැහැවතුන් හමුවේ පවත්වනු ලැබූ 2022 වසරේ නත්තල් දිව්‍ය පූජාව, උන්වහන්සේ මෙම ජීවිත සමයේ, මේ මහා පෘතුවිය…