ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ට වේ. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය තිස්අට වසරක් පුරා, විසි තුන් වතාවක් එතුමිය දර්ශණය වූවාය.
නිර්මල කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ කටුනායකදී දර්ශනය වීමට ආරම්භ කල දිනයේ සිට මේ දක්වාම ඒ පිළිබඳව පැතිරීගිය, සහ තවමත් පැතිරෙන විවිධ විවේචනද, බොරු කටකතාද නිමක් නොමැත. එහෙත් ශ්‍රී ලංකාවේ කටුනායක නගරයේ පිහිටි, දෙව් මවුන්ගේ දර්ශණ භූමිය අදටත් ජීවමානව ඇත. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැමගේ තරාතිරම මත නොව, විශ්වාසයේ තරාතිරම පමණක් බලා මහත් පෙලහර දක්වමින් කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයෙහි විරාජමානව වැජඹෙන්නාහ. ඒ මහත් පෙලහර පෙබ්‍රවාරි 5 වෙනි දිනයේ තිස් අට වන වර්ෂයද සපුරාලයි. ඒ අතර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී එන ජනතාව මවු මරියාවන්ගෙන් බොහෝ වූ වරප්‍රසාද ලබාගනිමින් සිටිති. ශුද්ධෝත්තම අපොස්තලික පියතුමෝ කිසිදු හේදයක් නොතකා, කෙටියෙන් පවසතොත් ආගම් භේදයක්වත් නොසලකා සැම දෙන වෙත මෙත් සිතින් යුතුව, මවු මරියාවන් වෙතින් පිහිට ඉල්ලා දීම සඳහා මධ්‍යස්ථ වෙමින් මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි වැඩ සිටින්නාහ.
මෙවැනි දේ කියවන ඔබට මේ මොන පුදුමයක්ද, මේ කතා විශ්වාස කල හැකිද යන ගැටළු ඇති විය හැක. ඒවා සාධාරණ ප්‍රශ්ණ වූවද, අපට දිය හැකි හොඳම පැහැදිලි පිළිතුර වනුයේ ‛‛ඔබම ඇවිත් බලන්න’’ යන්නයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සතු පූජනීය වස්තූන් අතර, ‛‛පිච්ච මල් සුවඳ පැතිරෙන ආශ්චර්යමත් දේව මාතා ප්‍රතිමාව’’ ද වේ. පහත ඡායාරූප මගින් දැක්වෙන්නේ එම ආශ්චර්යමත් ප්‍රතිමාව පොදු මහජනතාව සඳහා ප්‍රදර්ශණය කරනු ලැබූ අවස්ථාවකි. ආශ්චර්යමත් දේව මාතා ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ විඳගන්නා වන්දනාකැවන් ද ඔබට ඡායාරූප මගින් දැකගත හැකියි