අප දයාබර නිර්මල කන්‍ය මරිය තුමියගේ ම ඉල්ලීමක් නිසා, මේ මහ පොළව මත ඉදි කරනු ලැබූ පස්වන දෙව්මැදුර ලෙසින් 2018 අගෝස්තු 11 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ආසිරි ගන්වා කැප කරනු ලැබූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුරේ නව පූජාසනය මත ප්‍රථම දිව්‍ය පූජාව 2018 අගෝස්තු 18 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේම සුරතින් පුද කරනු ලැබූ සේක.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම බලය පැවරූ අපොස්තුළු තුමෙකුගේ දෝතින් පිදුන එම දිව්‍ය පූජාව සදහා දර්ශණ දෙව්මැදුර ඇතුලත රැස්වී සිටි බැතිමතුන් ඉමහත් බැතියෙන් දිව්‍ය පූජා මෙහෙයට සහභාගි විය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය සිසාරා රැස්ව සිටි මහා සැදැහැවතුන් පිරිස සදහා රූපවාහිනී තිර යොදා දර්ශණ දෙව්මැදුර තුල පැවැත්වෙන දිව්‍ය පූජාව දැක ගැනීමට අවස්ථාව යොදා තිබුනි.

 

දිව්‍ය පූජා පිළිවෙත සදහා අපොස්තුළුතුමෙකුට බලය පවරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසිනි. අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී බලය පවරනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී බලය පවරනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වන්නේ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාණෝයි. මේ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් 2018 මාර්තු 29 වෙනි මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා මෙහෙයේ දී කරනු ලැබූ විග්‍රහයක් අසාගැනීමට යූ ටියුබ් නාලිකාව මෙතැනින් https://www.youtube.com/watch?v=tKkay1rdMbU