දිවස් ප්‍රසාදිවරුන් පැවසූ දේ ඉෂ්ඨ වෙත්දීත්, ක්‍රිස්තුස් වහන්සේව හදුනා ගැනීමට ඥාණයක් මිනිසුන්ට තිබුනේ නැහැ – ශ්‍රී ලංකාවේ ජීවත්වන 14 වෙනි අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලබයි
‛‛අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ශුද්ධවූ බයිබලයේ සම්පූර්ණයෙන්ම අඩංගුව නැතත්, සුවිශේෂකවරුන් සතර දෙනා ලියා ඇති ප්‍රමාණය අපි කියවන විට අපට පෙනී යන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර එනම් උන්වහන්සේගේ උත්පත්තියට පෙර, මේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මේ ගැළවුම්කාරයා කන්‍යාවකගේ කුසයෙන් ලොවට බිහිවන බව කල්වේලා ඇතිව ම දිවස් ප්‍රසාදිවරුන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.’’ …