
‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්රාතිහාර්යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි
නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි….