අති නිර්මල වූ කන්‍ය මරිය මාතාවෝ, වරක්, දෙවරක්, තුන්වරක් නොව විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය දර්ශණය වූයේ කහ පැහැති රෝසමල් මත වන අතර, එම රෝසමල් සංඛ්‍යාව 123 කි.

 

නිර්මල කන්‍ය මරිය තුමිය මෙම ශ්‍රී ලංකා ද්වීපයේ, කටුනායක පිහිටි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීමේ දී එතුමිය වැඩ සිටීමට තෝරාගනු ලැබුවේ, කහ පැහැති රෝසමල් වන අතර, එතුමිය තෝරා ගනු ලැබූ රෝසමල් සංඛ්‍යාව 123 ක් වේ.

 

නිර්මල මරිය තුමිය කහ පැහැති රෝසමල් මත දර්ශණය වූ බව ආරම්භයේ සිටම අපි දැන සිටියෙමු. එහෙත් එම රෝසමල් සංඛ්‍යාව 123ක් බව අපි දැනගත්තේ මේ නොබෝදාය. සිදුවූ කිසියම් ප්‍රාතිහාර්‍යයක් නිසා එය හෙළි වූ අතර, එතැන් සිට නිර්මල කන්‍ය මරිය මාතාවන් පාමුළ දර්ශණ රෝසමල් ඉටිපහන් 123 ක් දැල්වීමේ බැතිබර පිළිවෙත ආරම්භ විය. නමුත් 2017 නොවැම්බර් 4 වෙනි සෙනසුරාදා ප්‍රථම වරට එක් අයෙක් විසින්, තම ශ්‍රමයෙන් වෙහෙස වී ඉපැයූ මුදලින් දර්ශණ රෝසමල් ඉටිපහන් 123 න්ම, දෙව් මවුන් පාමුළ දල්වනු ලැබූහ. එසේ කරනු ලැබුවේ, ජාඇල, ජේ.එම්.එල්. ටෙක්නික් ආයතනයේ අධ්‍යක්ෂිකා මනෝජි ඩයස් මෙනවිය විසිනි.

 

මේ පිළිබඳව ඇය විසින් අප සිද්ධස්ථානය වෙත භාර දී ඇති ලිපියේ මෙලෙස සඳහන් වේ.

 

‛‛අප ආදරණීය කටුනායක නිර්මල මරිය මෑණියන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට දර්ශණය වූයේ, කහ පැහැති රෝස මල් 123 ක් මත බව දැනගත් දා සිටම මට හැඟී ගියේ එම රෝස මල් ඉටිපහන් 123 ම අප හට දැල්වීමට හැකි වුවහොත් එය දේව මෑණියන්ට දක්වන විශේෂ ගෞරවයක් බවයි.

 

තවද, එයට විශේෂ කාරණයක් වූයේ, ජේ. එම්. එල්. ටෙක්නික් නැමැති අප ව්‍යාපාරයට වසර 10ක් සම්පූර්ණ වන්නේ මෙම 2017 වසරේදී යි. එහි සාර්ථකත්වය දිනෙන් දිනම වැඩි දියුණු වූයේ, අප ආදරණීය කටුනායක නිර්මල මෑණියන්ගේ පිහිට ආශිර්වාදය හා අප ආදරණීය ශුද්ධෝත්තම දස සතරවන අපොස්තුළු තුමාණන්ගේ බල මහිමය තුලින්ම බව අපි දනිමු. අප ලද පිහිට වරප්‍රසාද වලට ස්තූති ප්‍රශංසා කරමින්, ජේ. එම්. එල්. ටෙක්නික් අධ්‍යක්ෂිකා මනෝජි ඩයස් වන මා, මාගේ පියා වන සාම විනිසුරු මර්වින් ජෝශප් ඩයස් මහතා හා මාගේ මව වන ජෙනට් සිල්වියා ඩයස් මහත්මිය සමගින් කටුනායක නිර්මල මෑණියන් වෙත ගෞරවය පුද කරමින්, මෙම ඉටිපහන් 123 දල්වා ආලෝකමත් කරන්නෙමු.’’

 

ජේ.එම්.එල්. ටෙක්නික් ආයතනයේ අධ්‍යක්ෂිකා මනෝජි ඩයස් මෙනවිය සිය පියා සහ මව වන සාම විනිසුරු මර්වින් ජෝශප් ඩයස් මහතා සහ ජෙනට් සිල්වියා ඩයස් මහත්මිය සමගින් ජේ. එම්. එල්. ටෙක්නික් ව්‍යාපාරයයේ සාර්ථකත්වය වෙනුවෙන් කටුනායක නිර්මල මෑණියන් වෙත ගෞරවය සහ ස්තූතිය පුද කරමින්, 2017 නොවැම්බර් 4 වෙනි සෙනසුරාදා හාස්කම් යාච්ඤාවෙන් පසුව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී දර්ශණ රෝස මල් ඉටිපහන් 123ක් දැල්වූ අවස්ථාවයි මෙම ඡායාරූප මගින් දිස්වන්නේ