අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූ වෙත 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා පුද දුන් ජපමාල උපහාර සැඳෑ මෙහෙය අති උත්කර්ෂවත් අන්දමින් ද, මහත් අභිමානවත් ලෙසින් ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වුනේ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.
1984 පෙබ්‍රවාරි 12 වෙනි දින මෙම දර්ශණ දෙව්මැඳුරු භූමියේ ස්ථාපිත කරනු ලැබූ මෙම දේව මාතා ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේම දැන් ඉදිවෙමින් පවතින අභිනව දෙව්මැඳුරේ ඉහළ මුදුනේ ස්ථාපිත කිරීම සඳහා, මෙතෙක් කාලයක් ස්ථාපිතව තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට පෙර දෙව් මවු ප්‍රතිමාව අභියස ඔක්තෝම්බර් 5 වෙනිදා සවස පැවැත්වූ දෙව් මවුන් වෙත ජපමාල උපහාර මෙහෙය සඳහා සභභාගි වීමට දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන්, අගම් භේදයකින් තොරවම සැදැහැවතුන් රොක්වන්නට වූයේ ඉතාමත් වේලපහිනුයි.
පුරා තිස් වසරකට ආසන්න කාලයක් ජනතා හදවත් ඇද බැඳ තබාගත් දෙව් මවු ප්‍රතිමාව තම ආසන්නයෙන් ඉවත්වීමට පෙර පැවැත්වුන මෙම උපහාර මෙහෙය අවසානයේ දෙව් මවු ප්‍රතිමාව පාමුළ තැන්පත් කිරීම සඳහා මල් කළඹයන් අතින් ගෙන සිටින සැදැවතුන් ද අපට දැක ගැනීමට ලැබුණ අතර, සැමගේ නෙත් යොමුවී තිබුනේ දෙව් මවු ප්‍රතිමාව දෙසයි.
දෙව් මවුන්ගේ ප්‍රතිමාව ස්ථාපිත මණ්ඩපයත් එම මණ්ඩපය අසලින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා වෙනුවෙන් තනා තිබූ මණ්ඩපයත් සම්පූර්ණයෙන්ම නැවුම් මලින් සරසා තිබුනේ මෙරට මල් සැකසුම් සඳහා ඉතා සුප්‍රසිද්ධ ආයතනයක් මගින් වන අතර ඒ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසිනි.
ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ ජපමාල උපහාර සැඳෑ මෙහෙයට සහභාගි වීම සඳහා සැදැහැවත් ජනතාව දෙව් මවුන් වෙත පුද කිරීමට මල් කළඹ රැගෙන ඉතා කලින්ම සිද්ධස්ථානයට රැස්ව සිටින අයුරුත්, නැවුම් මලින් කරඇති විචිත්‍රවත් සැරසිලිත්ය.