මුහුණු පොත (facebook) මේ වන විට විද්‍යුත් මාධ්‍ය අතරේ පෙරමුණ ගෙන ඇති, බොහෝ දෙනෙක් අතරේ ප්‍රචලිත මාධ්‍යයක්. මෙයින් සමාජයට සිදුවෙමින් පවතින සහ සිදු කෙරෙමින් පවතින යහපත් සහ අයහපත් බලපෑම පිළිබදව සලකන විට ඇත්තෙන්ම අයහපත් බලපෑම වැඩි යයි කිව හැකියි. අද බොහෝ විට සිදුවන්නේ මුහුණු පොත මෙහෙයවන්නන් විසින් සමාජයට අයහපත වැපිරීම සදහා මුහුණු පොත යොදා ගැනීමයි. පාසැල් ළමුන්ට මුහුණු පොත පරිශීලනය සදහා ඉඩ දීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වුනේ, මුහුණු පොත නැමැති සමාජ මාධ්‍ය මේ වන විට වැඩිහිටියන්ට සුදුසු තත්වයකට පත් වී ඇති නිසයි.

 

මේ අතර ජාඇල, මනෝජි සමන්කා ඩයස් මෙනවිය කරනු ලැබුවේ කදිම වැඩක්. කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවටම ඇදිරි නීතිය පනවා මුළු රටම නිහඩ වී, රට වැසියන් සැවොම නිවෙස් වලට වී සිටි එම කාලයේ, මනෝජි ඩයස් මෙනවිය කලේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුමන්ගේ ඉගැන්වීම් සහ පණිවිඩ මුහුණු පොත හරහා ප්‍රචලිත කිරීමයි. විවිධ නිර්මාණයන් ඔස්සේ ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් සහ පණිවිඩ මුහුණු පොත හරහා ප්‍රචලිත කිරීමෙන්, සමාජය යහපත් අතට යොමු කරවීමට ඇය ගනු ලැබුවේ දැඩි වෙහෙසක්.

 

මේ පිළිබදව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමුවී කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මනෝජි ඩයස් මෙනවියට අපොස්තලික ආශිර්වාදයේ සහතික පතක් පිරිනැමීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තීරණය කරනු ලැබූ අතර, ඒ අනුව 2020 ජූලි 26 වෙනි ඉරුදින සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශු, පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ, මාසික රැස්වීම අවස්ථාවේ දී, අපොස්තලික ආශිර්වාදයේ සහතික පත්‍රයක් මනෝජි ඩයස් මෙනවියට පිරිනමනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ශුද්ධවූ දෝත්වලින් ම වීම විශේෂත්වයක්.

 

කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මුළු රට පුරා ඇදිරි නීතිය පනවා තිබූ පසුගිය කාලයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ කෙටි පණිවිඩයක් දිනපතා සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමට අපොස්තලික මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා පියවර ගෙන තිබුණි. එම පණිවිඩ මුහුණු පොත හරහා සමාජය තුල ප්‍රචලිත කිරීමට දිවා රාත්‍රී නොබලා විශාල මෙහෙවරක් කර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රශංසාවට ලක්වූ මනෝජි සමන්කා ඩයස් මෙනවිය, සාම විනිසුරු, දේශබන්දු එම්. ජේ. ඩයස් මහතා සහ එම මහත්මියගේ එකම දියණිය වන අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් සිය දියණිය අපොස්තලික ආශිර්වාදයේ සහතික පත්‍රය ලබා ගන්නා අවස්ථාව දෙස ඔවුන් බලා සිටියේ දෑස් හි සතුටු කදුළු පුරවාගෙනයි.

 

මනෝජි සමන්කා ඩයස් මෙනවිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශු. පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතින් අපොස්තලික ආශිර්වාදයේ සහතික පත්‍රය ලබා ගන්නා අයුරුත්, ඉන්පසු එය අතැතිව සිය දෙමාපියන් සමග අපොස්තලික මාධ්‍ය ජාලයේ කැමරාවන්ට මුහුණ දුන් අයුරුත් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි