ජේසු තුමන්ගේ 2025 වෙනි උපන් දින සංවත්සරය සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 51 වෙනි නත්තල හෙට (දෙසැම්බර් 24) මැදියම් රැයේ උදා වෙයි!

විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ, පැතිරෙන මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී යි….

දිව්‍ය ජේසු බිළිඳාණන් තුරුලේ හොවාගත් දේව මෑණියන්ගේ ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වෙයි

සියළු වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වූ ඒ උත්තමාවගෙන් වරප්‍රසාද රැසක් හිමිකර දෙන්නා වූ මෙවර මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.30 ට ආරම්භ වන්නේ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ව ජීවමානව ම විසිතුන් වතාවක් දැක ගැනීමේ ඉතා දුර්ලභ වාසනාව හිමි වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි….

සංවත්සර දෙකක් සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට උදාවන 51 වෙනි නත්තල මෙයයි

විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ පැතිරෙන, මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී…

අමතක කල නොහැක දෙව් මවු ජීවමාන වූ ඒ දවස (2025 ඔක්තෝම්බර් 18)

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල පසුගිය (2025) ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා සවස සිදුවූ විස්මිත සිදුවීම කෙසේවත්, කෙදිනකවත් අමතක කරන්නට බැහැ.   ඒ විස්මිත සිදුවීම නම්, දර්ශණ දෙව්මැඳුර තුල ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවෙන් නොකඩවා පැය අටක් පුරා පිච්ච මල් සුඝන්ධය පැතිරීමයි….

මහ වැසි මැද බැතිමතුන් ඉදිරියේ ම දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙයි

පසුගිය සෙනසුරාදා (2025 ඔක්තෝම්බර් 18) උදෑසන සිටම ඇද හැළුන වර්ෂාව විටින් විට සුළු වේලාවකට නතර වූවත් රාත්‍රී වන තුරුම එහි නිමාවක් නොවීය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇති කටුනායක ප්‍රදේශයට පමණක් නොව, මුළු දිවයිනට ම ඒ වැස්ස ඇදහැලෙන්ට විය. එදින සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සියළු කටයුතු සූදානම්ව පැවතුනි.   මහ…

මරිය තුමී දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුවදින් පිරී ඉතිරී යයි – මරිය මවගෙන් ප්‍රභල ප්‍රාතිහාර්‍යයක්

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය ඊයේ (ඔක්තෝම්බර් 18 සෙනසුරාදා) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය….

දැන් සියල්ලට ම කලින් දෙමවුපියන්වත් මෝබයිල් ෆෝන් එකෙන් ගලවාගන්නට වෙලා, අද දෙමවුපියොත් මේකට ඇබ්බැහි වෙලා

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දරුවන් එකළොස් දෙනෙකු වෙත ප්‍රසාද ස්නාපනය දානය කරමින් දෙමාපියන්ට කියති   ‛‛විශේෂයෙන් අද දින ජොර්දාන් නදී ජලයෙන් ප්‍රසාද ස්නාපනය ලද සියලු දරු දැරියන්ගේ ආදරණීය දෙමාපියවරුනි, ඔබගේ දරුවන් අද දින ජොර්දාන් නදී ජලයෙන් ප්‍රසාද ස්නාපනය ලැබ අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඔවුන් සියලුමදෙනා තවමත් ළමා වියේ පසුවන අය. දෙමාපියන් වශයෙන් ඔබගේ යුතුකම…

පුදුමයි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධවූ කුරුසිය බලවත් වෙයි!

හෙට සෙනසුරාදා සවස 6 ට නැවතත් ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කෙරෙයි ලොව පළමු වරට කුරුසිය, ‛ශුද්ධවූ කුරුසියක්’ බවට පත්වූයේත්, කුරුසිය බලවත් වූයේත්, නිර්මල කන්‍ය මරිය මාතාවෝ කුරුසිය පාමුළ සිටිය දී යි. ඒ බව අපට සිහි ගන්වමින් වර්තමානයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින්, කුරුසියේ…

“දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම ලොකුම අභාග්‍යයි” මරිය තුමිය ශ්‍රී ලංකාවේ දී පැවසු වදන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යළි සිහිපත් කරවයි

මිනිසුන් අතර ජීවමානව ම වැඩ සිටි ජේසුස් වහන්සේව, දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට එදා ජනතාව අපොහසත් වූ බවත්, උන්වහන්සේ මිය ගියාට පසුව නොව, උන්වහන්සේව ඝාතනය කලාට පසුව, උන්වහන්සේගේ අප්‍රාණික ප්‍රතිමා දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට ජනතාව පෙළඹී ඇති ආකාරය හමුවේ, එදා ජනතාවට සත්‍ය හඳුනා ගැනීමට තිබූ නොහැකියාව තේරුම් ගත හැකි බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියතුමා,…

හෙට (මාර්තු 22) සෙනසුරාදා හාස්කම් යාච්ඤාව සවස 6 ට

ජීවිත ගමනේ විවිධ ප්‍රශ්ණකාරී ගැටළුවලින් පීඩාවට පත් වී සිටින ජනතාවගේ අද සරණය බවට පත්වී සිටින කටුනායක අප ස්වාමිදුව ජීවමාන වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවක ම සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව පසුගිය සෙනසුරාදා (මාර්තු 15) පවත්වනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල දීයි.   මෙම දර්ශණ…