ජීවිත ගමනේ විවිධ ප්‍රශ්ණකාරී ගැටළුවලින් පීඩාවට පත් වී සිටින ජනතාවගේ අද සරණය බවට පත්වී සිටින කටුනායක අප ස්වාමිදුව ජීවමාන වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවක ම සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව පසුගිය සෙනසුරාදා (මාර්තු 15) පවත්වනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල දීයි.

 

මෙම දර්ශණ දෙව්මැඳුර තුල නිර්මල කන්‍ය මරිය තුමිය මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, නැවතත් එතුමිය විසිහතර වන වතාවටත් ජනතාව මධ්‍යයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට දර්ශණය වනු ඇතැයි සැදැහැවතුන් මහත් බලාපොරොත්තුවකින් බලා සිටියි.

 

පසුගිය සෙනසුරාදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් හාස්කම් යාච්ඤාව පවත්වනු ලැබුවේ, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ද සමගිනි. අවසානයේ උන්වහන්සේ විශාල පිරිසකගේ හිස මත ශුද්ධ වූ කුරුසිය තබා ආශිර්වාද කිරීම ද සිදු කලහ.

 

හෙට (මාර්තු 22) සෙනසුරාදා හාස්කම් යාච්ඤාව සවස 6 ට ආරම්භ කරනු ඇත.