ජාඇල රංග ප්‍රසාද් තරුණ මහතා සමගින් සදුනි දිලීකා තරුණ මෙනවිය 2019 පසුගිය වසරේ ජනවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.

 

මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය.

 

ලූකස් තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ සදහන් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව කුමන හෝ භෝජන සංග්‍රහයක දී අසරණ වූවන් වෙනුවෙන් එය පවත්වන ලෙස, සමාජයෙන් කොන්වී දුක් විඳින අය වෙනුවෙන් පවත්වන ලෙස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ දේශණයක දී කරුණු කාරණා පැහැදිලි කරනු ලැබූ අතර, එම දේශණය ශ්‍රවණය කරනු ලැබූ පිරිස අතර රංග සහ සදුනි මේ යුවල ද විය. තමන්ගේ මංගල උත්සවය වෙනුවෙන් ඔවුන් කලින් සූදානම් කරගෙන තිබූ සියළු සැලසුම් මෙන්ම ඇතැම් ඇණවුම් ද අවලංගු කරමින්, ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපදෙසටත් අවනතව කටයුතු කිරීමට දෙදෙනාම තීරණය කර ගත්හ.

 

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා උදේ පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ දී නව යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ දරුවන් ගෙවලින් පිටමං කරදමා, හුදකලාව අසරණව රෝගීව දිවි ගෙවන වියපත් මවුපියන් 80 ක් මධ්‍යයේය.

 

රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා යුවල ආසිරි ගන්වා, මුදු මාල හුවමාරු කරවා නව යුග දිවියට සාර්ථක උපදෙස් රැසක් ද සමගින් යුග දිවි ගැන්වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනි. ඒ සදහාම උන්වහන්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට පානදුර ආලෝකා වැඩිහිටි නිවාසය වෙත පැමිණ සිටීම නව යුවලට දේවාශිර්වාදයකි.

 

වැඩිහිටි නිවාසයේ දිවි ගෙවන අසූවක් වූ වැඩිහිටි පිරිසට සිත් සේ කා බී ප්‍රීතිවීමට රසවත් භෝජන සංග්‍රහයක් මෙන්ම, සිතට සුව දෙන මියුරු සංගීතය ද යොදවා තිබුනි. අසරණ මහළු මා පියන්වෙත ආහාර පිළිගැන්වීමට නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද මහත් සතුටින් එක්වී සිටීම විශේෂත්වයකි.

 

ආලෝකා වැඩිහිටි නිවාසයට යාබදව පිහිටා ඇති ශ්‍රී සද්ධමාකර විහාරයේ විසි හතර නමක් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ද නව යුවල දහවල් දානය පිරි නැමූහ.

 

දරු සෙනෙහසින් ඈත් වී ජීවිතයේ සැදෑ සමය මෙලෙස හුදකලාව දිවි ගෙවන අසරණ මහළු මා පියන් සැමටම නව යුවල තෑගි පිරිනැමූ අතර, ඒ සදහාද නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද එක්වී සිටීම තවත් විශේෂත්වයකි.

 

බොහෝ අසරණ මවු පියන් නව යුවලට ආසිරි පතා කවි සහ සින්දු ගායනය කරනු ලැබුවේ සියල්ලන්ගේ දෑසට කදුලක් එක් කරවමිනුයි.

 

මෙලෙසින් ලොවටම ආදර්ශයක් දෙමින් යුග දිවි ආරම්භ කල රංග ප්‍රසාද් සහ සඳුනි දිලීකා යුවලගේ විවාහ මංගල්‍යයේ පළමු සංවත්සරය 2020 ජනවාරි 17 වෙනි දිනයට යෙදී ඇති අතර, මේ පිංබර යුවල මෙම පළමු සංවත්සරය ද පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත් වන අසරණ මවු පියන් වෙනුවෙන් ආහාර පාන පිළිගන්වා සැමරීමට සූදානම්ව සිටිති.

 

2020 ජනවාරි 17 වෙනි දින සිය විවාහ මංගල්‍යයේ පළමුවන සංවත්සරය සමරණු ලබන රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා යුවල, වසරකට පෙර ආලෝකා වැඩිහිටි නිවාසයේ දී යුග දිවි ගැන්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එදා නව යුවලට ත්‍යාගයක් පිරිනමනු ලැබූ අවස්ථාවයි මේ ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නේ

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle

 

His Holiness the Apostle