21 වන සියවසට ඔබින පරිදි, 20 වන සියවසේදී ජේසුස් වහන්සේ මේ ලෝකයට කලාවූ විශාලතම සේවය මේ ලෝකයට අපොස්තුළු තුමෙකු පත් කිරීමයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේම මේ ලෝකයට දර්ශණයවී පත්කරනු ලැබූ අපොස්තුළු තුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දුක්බර ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ට පිහිට වන්නාවූ අපොස්තුළු තුමෙකු ලෙස අද ජනතාව අතර ප්‍රසාදයට පාත්‍ර වී ඇත්තාහ.

 

සෑම සති අන්තයකම සෙනසුරාදා සවස පැවැත්වෙන පොදු ජනතා හමුව, ආගම් භේදයකින් තොරව මෙම අපොස්තුළු තුමාණන් වෙත ජනතාව සමීප වන්නාවූ සුවිශේෂී අවස්ථාවකි. මෙම අපොස්තුළුතුමාණන්ගේ ආශිර්වාදය පතාගෙන නොයෙක් ප්‍රදේශයන්ගෙන් ඇදී එන්නාවූ ජනතාව තම දුක්බර ගැටළු ලිවූ ලිපි මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෝත් මත තබන්නේ දැඩි විශ්වාසයකින් සහ බලාපොරොත්තුවකිනි.

 

2013 අප්‍රියල් 06 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති පොදු හමුව අවස්ථාව පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.