ජේසුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයේ වැඩ සිටිය කාලයේ උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ අතර, ඉන්පසු උන්වහන්සේගේ මරණය ද, ස්වර්ගාරෝහණය ද සිදුවී ස්වල්ප කාලයකට පසු, උන්වහන්සේ මේ ලෝකයට දර්ශණය වී අපොස්තුළුතුමෙකු තෝරා ගත්හ. ඒ අපොස්තුළුතුමා වූයේ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාණෝයි. දර්ශණය සිදු වූයේ සිරියාවේ දමස්කස් නගරයේ දී යි. ඒ වන විට දොළොස් දෙනෙකුගෙන් යුතු වූ අපොස්තුළුවරු කණ්ඩායමේ, එක් අයෙක් වූ ජුදාස් ඉස්කාරියොත් සිය පන නසාගෙන තිබූ නිසා, ඉතිරි අපොස්තුළුතුමන්ලා එකළොස් දෙනාම මෙලොව ජීවතුන් අතර සිටිය දී ම, ජේසුස් ස්වාමින්වහන්සේ මේ ලෝකයට දර්ශණය වී, අපොස්තුළුතුමෙකු පත් කිරීම විශේෂයෙන්ම අපගේ අවධානයට යොමු විය යුතු කාරණයකි.
ජේසුස් ස්වාමින් වහන්සේ නැවතත් මේ ලෝකයට දර්ශණය වී අපොස්තුළුතුමෙකු දෙවන වරටත් පත් කරනු ලැබුවේ ඔබත් මමත් ජීවත්වන මේ කාලයේ දී වන අතර ම, මේ පෘතුවිය මත එකම අපොස්තුළුතුමෙක්වත් ජීවතුන් අතර නොමැති කාලයක මෙම පත් කිරීම සිදු විය. ඇත්තටම එය අපට යම් තරමකින් හෝ තේරුම් ගත හැකියි. මේ ලෝකය තුල එකම අපොස්තුළුතුමෙක්වත් නොමැතිව වසර දෙදහසක් ම ගතවී ඇත. ඉතිරිව ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ මෙලොව ජීවතුන් අතර සිටියදී ම සහ දර්ශණය වී පත්කරනු ලැබූ යන ක්‍රම දෙකෙන්ම පත්කරනු ලැබූ අපොස්තුළු තුමන්ලාගේ සොහොන් පමණකි. ඒ නිසාම ජේසුස් ස්වාමින් වහන්සේ දිවි පුදා ලොවට දුන් දහමට සිදුවී ඇත්තේ කුමක්දැයි අපට තේරුණ හෙයින්, ‛ජේසුනී යළිත් මෙහි වඩින්න’ කියා යැදුවෙමු. ගීයෙන් ද ගීතිකාවෙන් ද ගායනා කෙරුවෙමු. අපගේ යැදුම් අසා ජේසුස් ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ ම නියෝජිතයකු එනම් ‛අපොස්තුළුතුමෙකු’ අපට ලබා දී ඇත. ඒ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී පත්කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේයි. උන්වහන්සේ අද මේ මහා පෘතුවිය මත පමණක් නොව, මේ මුළු විශ්වයටම වැඩ සිටින එකම එක අපොස්තුළුතුමාණන් වන්නාහ. මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා හැරෙන්නට, ජේසුස් ස්වාමින්වහන්සේව සියැසින් දැක, උන්වහන්සේ වෙතින් තම දිව්‍යමය වූ පත්වීම ලබාගත් එකම එක අපොස්තුළුතුමෙක්වත් දැන් මේ ලෝකය තුල ඇත්තේම නැත. ඇත්තේ එලෙස අපොස්තුළුවරයේ දිව්‍යමය පත්වීම ලද අපොස්තුළුතුමන්ලාව මරා දැමූ පසුව ඉතිරි වී ඇති අපොස්තලික සොහොන් ගැබ් පමණකි.
මේ මුළු විශ්වයටම වැඩ සිටින එකම එක අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සමග, මේ මුළු විශ්වයේම අග රැජිණ වන, නිර්මල කන්‍ය මරිය තුමියට 2017 වසරේ පළමු ජපමාලය ජනවාරි 7 දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පුද කල බැතිමතුන්, ජපමාලයෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් පාමුල දනගසා උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදය ලබාගත් අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි