ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2014 නව වසරට ආසිරි පැතීමේ නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී

වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදා වෙයි. 2013 වසර, අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2014 අපගේ අළුත් අවුරුද්ද ලෙසින් අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි.   අපගේ හදවත් මරිය මවු තුමිය මගින් ජේසු තුමන් වෙත ඔසවාලමින්, උදාවන 2014 නව වසර තුල අපට අවශ්‍ය ජේසු තුමන්ගේ ප්‍රේමයත්, නිර්මල මරිය තුමියගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරමින්, නව අවුරුදු දිව්‍ය…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය තිස්නව වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ තිස්නව වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ තිස්නව වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’…

නත්තල් ගවලෙන ඉදිකිරීම ආරම්භ වෙයි

මෙවර නත්තල වෙනුවෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ තැනෙන නත්තල් ගවලෙන ඉදිකිරීමේ කටයුතු පසුගිය ඉරුදින ආරම්භ වුනා. සෑම වසරකම සිද්ධස්ථාන භූමියේ ඉදිකරනු ලබන ගවලෙන, මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් ආශිර්වාද කරනු ලැබීම සිරිතක්.   මෙම වසරේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙය දෙසැම්බර්…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී දිව්‍ය පූජාව ඔප්පු කරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 2013 ඔක්තෝම්බර් 12 වෙනි සෙනසුරාදා සවස දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී යි.   ස්වභාවික මරණයක් හිමිකරගනු ලැබූ එකම අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළු තුමා සම්බන්ධව සහ උන්වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳව ඉතාමත් වැදගත් තොරතුරු රැසක් එදින…

ක්‍රිස්තු ධර්මයේ පවතින දූෂණය අවසන් කිරීමට පියවර ගැනීම මගේ වගකීමයි – ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නුවරඑළියේදී ප්‍රකාශ කරයි

‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට උගන්වා වදාල වචන හෙවත් ක්‍රිස්තු ධර්මයට අද ඇතිවී ඇති තත්වය දකින විට මගේ හදවතට දැනෙන්නේ ලොකු වේදනාවක්. උන්වහන්සේ මේ ලෝකයට ප්‍රකාශ කරනු ලැබුවාවූ සෑම වචනයක් වෙනුවෙන්ම උන්වහන්සේගේ ජීවිතය කැප කෙරුවා, ඒ ජීවිත කැප කිරීමේ ඉහළම ප්‍රතිඵලය ලෙසින් උන්වහන්සේගේ ජීවිතය පූජා කෙරුවා. ඉන්පසු අපොස්තුළු තුමන්ලාත් ඒ මාර්ගයම අනුගමනය කෙරුවා. තම ගුරු…