අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2012 ජූනි 30 වෙනි දින සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ ජනතාව එතුමියගේ දේහය තැන්පත් කර ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සොහොන් ගැබ අසල මල් පොකුරු තැන්පත් කර ඉටිපහන් දල්වා එතුමියව භක්ති ආදරයෙන් සමරනු ලැබූහ.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය, වසර අනූවක ආයු කාලයක් සම්පූර්ණ කර 2010 වසරේ ජූනි 26 වෙනි දින ස්වර්ගස්ථ විය. එතුමියගේ දේහය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තබනු ලැබූ අතර, ජූනි 29 වෙනි දින සවස ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අවමඟුල් දේව මෙහෙයෙන් පසුව, නිසල දේහය කටුනායක සුසාන භූමියෙහි තැන්පත් කරන ලදී.

 

ස්වර්ගස්ථ සිය මෑණියන් සැබවින්ම ස්වර්ග රාජ්‍යය ලබාගෙන ඇති බව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට දැනගන්නට ලැබී ඇති අතර, සතර දෙනෙකුටම එතුමියගේ අනුග්‍රහයෙන් ප්‍රාතිහාර්‍යයන් සයක් ද සිදුවී ඇත.

 

සිය මෑණියන්ගේ දේහය කටුනායක සුසාන භූමියෙන් ඉවත් කර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි තැන්පත් කිරීමට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා අධිකරණයේ අනුමැතිය ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මෙවැන්නක් සඳහා අධිකරණයේ අනුමැතිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ලබා දෙන ලදී.

 

මහ පොළවේ පස් යට තිබූ මෙම මවු තුමියගේ දේහය මාස තුනකට පසුව සැප්තැම්බර් 23 වෙනි දින යළිත් ගොඩ ගන්නා ලදී. පුදුමයකි, දැකගන්නට ලැබුනේ, මාස තුනක් ගතවීත්, කිසිදු නරක් වීමකින් තොරව පවතින, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ් මවගේ දේහයයි. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දුර්ලභ සහ ප්‍රථම සිදුවීම ලෙස රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රමුඛ සිරස්තල යටතේ ද පෙන්වන ලදී.

 

මෙම සිද්ධිය අලලා වර්ණ ඡායාරූප ද සමගින් අපොස්තලික ප්‍රකාශණ කාර්‍යාංශය මගින් ‛‛යලි ගොඩගත් මවගේ නොදිරූ දේහය’’ යනුවෙන් ග්‍රන්ථයක් ද නිකුත් කර ඇත.

 

සුරලොව සැපත් මෙම මවු තුමියගේ නොදිරූ, කිසිදු නරක්වීමකින් තොර මෘත දේහය, දැන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු පාවුළු අපොස්තුළු උයනේ, අපොස්තලික සොහොන් ගැබ තුල තැන්පත් කර ඇත.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථවී වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2012 ජූනි 30 වෙනි දින සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ ජනතාව එතුමියගේ දේහය තැන්පත් කර ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සොහොන් ගැබ අසල මල් පොකුරු තැන්පත් කර ඉටිපහන් දල්වා එතුමියව භක්ති ආදරයෙන් සමරනු ලැබූ අයුරු