කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ එකම සිද්ධස්ථානය වේ. එතුමිය විසිතුන් වතාවක් මෙම සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති අතර, එම දර්ශණයන් අතරින්, 9 වන දර්ශණය සිදුවූ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින එතුමිය ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයෙන් දන්වා සිටියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදු කරනු ලබන දේව මෙහෙයන් සඳහා විශ්වාසයෙන් සහභාගි වන්නා වූ සැමටම දේව වරප්‍රසාද බෙදා දෙන බවත්, එය එතුමියගේ ආශාවක් බවත්ය. ‛‛ මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ යනුවෙන් එතුමිය ප්‍රකාශ කරනු ලැබුවාය.

 

මෙම පණිවිඩයෙන් පසු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන්නාවූ සෑම සියළු දෙනාම, ජාති, ආගම් භේදයෙන් තොරව දෙව් මවුන් වෙතින් ලැබූ පිහිට මෙන්ම ලබාගන්නා පිහිට ද ඉතාමත් පුදුමාකාර වේ.

 

උපතේ සිට ආරම්භ කරන්නා වූ මේ ජීවිත ගමනේ දී බලාපොරොත්තු නැතිවී, අසරණ වූ මොහොතේ අපට සිටින්නා වූ ප්‍රබල සැනසුම්කාරිය වූ දයාබර කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙන සේක. ඒ සඳහා අපට මග පෙන්වමින් දෙව් මවුන්ගේ ආදරය වෙත අපව යොමු කරනුයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ව විසිතුන් වතාවක් දෑසින් දැකගෙන එතුමිය සමග බොහෝ දේ කතාබස් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් 2017 අගෝස්තු 05 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් පිරිසක් වෙනුවෙන් ‛‛හාස්කම් යාච්ඤාව’’ දෙව් මවුන් වෙත පුද කිරීමෙන් පසුව, සැදැහැවතුන් තම ඉල්ලීම් ලිපි උන්වහන්සේ ඉදිරියේම රතු පෙට්ටිය ට දමන අයුරු සහ එම ඉල්ලීම් ලිපි ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ආශිර්වාද ගන්වන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි