අප අති ආදරණීය නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී කරනු ලැබූ ඉල්ලීමක් විය. එම ඉල්ලීම එතුමියගේ ආශාවක් බව ද ප්‍රකාශ කරනු ලැබුවාය. එනම් නිර්මල මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ස්ථානයේ එතුමියගේ නමට කැප කල දෙව්මැදුරක් ඉදි කිරීමයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ එකම සිද්ධස්ථානය වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මේ වන විට මෙම සිද්ධස්ථානයෙහි එතුමිය විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර මෙම දර්ශණයන් වලදී නිර්මල මරිය මෑණියන් දැක ගැනීමට පමණක් නොව එතුමිය සමගින් කතා කිරීමට ද සුවිශේෂී භාග්‍ය හිමි කර ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් මෙම සිද්ධස්ථානයෙහි ජීවත් වෙයි.  ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද මෙම සිද්ධස්ථානයෙහි දර්ශණය වී ඇති අතර, නිර්මල මරිය මෑණියන්ගේ ඉල්ලීමත්, ආශාවත් සපුරාලමින් මේ වන විට දර්ශණ දෙව්මැදුර ඉදිකර ඇති අතර එම දර්ශණ දෙව්මැදුර දෙව් මවුන්ට භාර දීම ලගදී ම සිදු වනු ඇත.

 

අභිනව දර්ශණ දේව මන්දීරයේ ඉදිරිපිටින් දිවයන මීගමුව – කොළඹ ප්‍රධාන මහා මාර්ගයට මුහුණ ලා, දර්ශණ දේව මන්දීරය ඉදිරිපස ඉහලින් අප ආදර මෑණියන් වූ කන්‍ය මරිය තුමියගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් 2017 ඔක්තෝබර් 15 වෙනි ඉරුදින උදේ ස්ථාපිත කරන ලදී.

 

ඊට පෙරදින වන 2017 ඔක්තෝබර් 14 වෙනි සෙනසුරාදා සවස 6 ට සිරිත් පරිදි කටුනායත අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැවතුන් හාස්කම් යාච්ඤාවට සහභාගි වීමෙන් පසුව, දෙව් මවු ප්‍රතිමාවට ගෞරවය දැක්වීමට අවස්ථාව සලසා දෙන ලදී. දෙව් මවු ප්‍රතිමාව දර්ශණ දෙව්මැදුරේ ඉහළට එසවීමට පෙර දින වූ සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දෙව් මවුන්ගෙන් ඉල්ලීමක් ඉල්ලා එම ඉල්ලීම ලියා රතු පෙට්ටියට ද දමා, රෝසමල් ඉටිපහනක් ද දල්වාගෙන දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිටට ගොස් යාච්ඤා කල මවකගේ ඉල්ලීම එසැණින් දෙව් මවු ඉටු කර ඇත. මව සමග පැමිණි කතා කිරීමට නොහැකිව සිටි අවුරුදු හයක කුඩා දරුවෙක් දෙව් මවු ප්‍රතිමාව දෙස බලා ‛මා….මා….අම්මා’ යනුවෙන් පවසා කතා කිරීමට ආරම්භ කර ඇති අතර, නිර්මල මරිය තුමී මහා හාස්කම් සිදු කරන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඉදිකල මේ ලස්සන දේව මන්දීරය මරිය මවගේ ප්‍රසාදය දිනාගෙන ඇති බව ට මෙය තවත් ලකුණක් බව බොහෝ සැදැහැවතුන්ගේ අදහසයි.

 

2017 ඔක්තෝබර් 14 වෙනි සෙනසුරාදා සවස මහා ප්‍රාතිහාර්යයක් සිදු කරනු ලැබූ ලොව උතුම් අම්මා (අප ආදර නිර්මල කන්‍ය මරිය තුමිය) ගේ ප්‍රතිමාව, අභිනව දර්ශණ දේව මන්දීරයේ ඉහළින්ම වැජඹීම සදහා 2017 ඔක්තෝබර් 15 වෙනි ඉරුදින උදේ දර්ශණ දේව මන්දීරයෙන් පිටත්ව යන අන්දම මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි