අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් එක් වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.
දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් එක් වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’ නැමැති දිව්‍ය පත්වීම ලැබූ උන්වහන්සේ, මේ ලෝකයේදී ක්රිස්තුභක්තිකයෙකුකට ලබාගත හැකි අති ශ්‍රෙෂ්ඨ, ඉහළම පත්වීම ලබාගැනීමට හිමිකම් ලැබූ සේක. සියළු කිතුණුවන්ගේ නායකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දානය කරනු ලැබූ මෙම පත්වීම, දෙදහස් පසළොස් වසරක් තුල ලබාගෙන ඇති සංඛ්‍යාව දසසතර දෙනෙක් පමණි. අවසානයට අපොස්තුළුවරයෙන් පිදුම් ලද දසසතරවැන්නා වූයේ, දැනට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩසිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝය.
මෙම දිනවල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින නිසා, නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී ය.
රන්වන් පූජා ඇඳුමින් සැරසී සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන්’ සියළුම බැතිමතුන්ව ආසිරි ගැන්වූ සේක.
මෙම නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ මෙවර ප්‍රධානතම විශේෂත්වය වූයේ, නිර්මල කන්‍ය මරිය තුමියගේ ශ්‍රී ලංකා දර්ශණයේ, දසඅට වන අවස්ථාව විදහා දැක්වෙන දෙව් මවු ප්‍රතිමාව නිරාවරණය කර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආශිර්වාද කිරීමයි. මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දේශණයෙන් පසුව ඉතාමත් ගාම්බීරවත් ලෙසින් මෙය සිදුවිය.
අපොස්තුළුතුමෙකු වශයෙන් සතලිස්එක් වෙනි නත්තල් දිව්‍ය පූජාව පවත්වමින් සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෝතට ‛සිබෝරියම්’ පාත්‍රයක් (දිව්‍ය පූජාවේදී පූප බහාලීමට භාවිතා කරන පාත්‍රයක්), සීදූවේ ෆැටිමා ප්‍රියානි ප්‍රනාන්දු මෙනවිය විසින් පූජා කරනු ලැබුවාය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද අපොස්තලික ආශිර්වාද සහතික පත්‍රයක් ඇයට පිරි නැමූ සේක.
අද ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමන්ගේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගිවීම පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට විවිධ ප්‍රදේශයන්ගෙන් බැතිමතුන් පැමිණ රොක් වී සිටියේ දැඩි ශ්‍රද්ධාවකිනි.
මෙහි ඉහළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන්’ සැදැහැජනතාව ආසිරි ගැන්වූ අවස්ථාවයි. පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන්ය