ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැඳුර, අප ආදරණීය දේව මෑණියන්ට කැපකර වසර අටක් සම්පූර්ණ වූයේ පසුගිය අගෝස්තු 11 වෙනි දිනටයි.   මෙම උතුම් අවස්ථාව සමරමින්, ලබන සෙනසුරාදා, එනම් අගෝස්තු 29 වෙනි දා, සවස 6 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින්, නිරා සර්පයා තම දෙපයින් පාගාගෙන සිටින ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් ද සැදැහැවතුන්ව ආශිර්වාද…

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

ලොව විවිධ ප්‍රදේශයන් හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ඒවායින් ස්ථාන කීපයක දී පමණක්, එතුමිය දර්ශණය වූ ස්ථානයෙහි දෙව්මැඳුරක් එතුමියගේ නාමයට ඉදිකරන ලෙස ඉල්ලා සිටියා.   නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ප්‍රථම අවස්ථාව වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි දර්ශණය වීමයි. 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින සවස එතුමිය ශුද්ධෝත්තම රොහාන් ලලිත්…

කටුනායක දර්ශන දෙව්මැඳුරේ මරිය තුමියගේ ප්‍රතිමාවෙන් හැමූ දිව්‍යමය පිච්ච මල් සුගන්ධයේ ප්‍රබල ප්‍රාතිහාර්යය

ලෝකයේ දහසක් ප්‍රශ්න මැද වෙහෙසෙන මිනිස් සිත් සුවපත් කරන, අදහාගත නොහැකි තරම් වූ විශ්මිත දේව ආදරයක ජීවමාන සාක්ෂියක් ඊයේ (ජූනි 27 සෙනසුරාදා) කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයෙන් වාර්තා විය. ඒ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය, හදිසියේම ස්වර්ගයෙන් හමා ආවාක් මෙන් දැනුණු දිව්‍යමය පිච්ච මල් සුවඳකින් මුළුමනින්ම පිරී ඉතිරී…

අපොස්තුළු ධූරය ලබාගැනීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය පනස් එක් වෙනි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලබයි

ලොව පුරා ක්‍රිස්තියාණි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ 2025 වෙනි සංවත්සරය සමරත් දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ජීවිතය තුල පනස් එක් වන වරටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හෙවත් නත්තල 2025 නත්තල් මැදියම් රැයේ දී සමරණු ලැබූහ.   නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පුද කරනු ලැබූවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය…