ලෝකයේ විවිධ දේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ටයි.
මේ වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින දර්ශණය වූයේ එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන් ද සමගින් වීම එම දර්ශණයේ විශේෂත්වය වේ. එය එතුමියගේ දසඅට වෙනි දර්ශණය විය.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැඳුර තුල 1977 ජූලි 27 වෙනි දින, ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලොවට දැනුම් දෙනු සඳහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට පණිවිඩයක් ද පැවසූහ.
‛‛මාගේ නිර්මල හෘදයට සැනසීම පතා ජපමාලය කියන්න, ජපමාලය කියන්න. භක්තියෙන්, විශ්වාසයෙන් ජපමාලය කියන්නන් වෙනුවෙන්, මේ ලෝකයේ දී පමණක් නොවෙයි ශුද්ධිකාග්නි ස්ථානයේදීත් මට පහසුවෙන් මැදිහත් විය හැකියි’’ යනුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් අමතා නිර්මල කන්‍ය මරිය මාතාවෝ එදින පැවසූහ.
අද අප ජීවත්වන මේ පෘතුවියට නිර්මල කන්‍ය මරිය මාතාවෝ ස්වර්ගයේ සිට ජේසු බිළිඳුන් ද සමගින් පැමිණ, මේ පෘතුවියේ ම අද ද ජීවතුන් අතර සිටින අයෙකුට කතා කර පණිවිඩයක් ද පවසා, ආපසු ස්වර්ගය වෙතටම පිටත්ව ගොස් වසර 40 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, මේ පෘතුවියේ එතුමිය දර්ශණය වූ ස්ථානයේ ම, එතුමියගේ ‛‛දසඅට වන දර්ශණ ප්‍රතිමාව’’ පැය තුනක කාලයක් සැදැහැවතුන්ගේ ගෞරවය සඳහාත්, තම යැදුම් සහ ඉල්ලීම් පුද කිරීම සඳහාත් තැන්පත් කර තබනු ඇත.
මේ අනුව 2017 ජූලි 29 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වූ, දර්ශණ දෙව්මැඳුර තුල සවස 6 සිට රාත්‍රී 9 දක්වා ‛‛මරිය තුමිය සමගින් ජේසු බිළිඳු’’ ප්‍රතිමාව හෙවත් මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව තැන්පත් කර තබනු ඇත.
