ශ්‍රී ලංකාවේ පිහිටි  කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ඉතාමත් පූජනීය සිද්ධස්ථානයකි. මෙම සිද්ධස්ථානයෙහි පිහිටි දර්ශණ දෙව්මැඳුරට හිමිවන්නේ ඉහළම පූජනීය තත්වයකි. මෙම දර්ශණ දෙව්මැඳුර තුල ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ඇත. නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වී ඇත.

 

මෙම දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර ඇති නිර්මල කන්‍ය මරිය තුමියගේ ආශ්චර්‍යමත් ප්‍රතිමාව බොහෝ හාස්කම් ඇති ප්‍රතිමාවකි. නිර්මල කන්‍ය මරිය තුමිය මෙහි දර්ශණය වූ අවස්ථාවක දී, මෙම ආහ්චර්‍යමත් ප්‍රතිමාව එතුමියගේ දෝතට ගෙන ඇත.

 

නිර්මල කන්‍ය මරිය තුමියව මෙලොවදීම තම දෑසින් දැක ගැනීමේ භාග්‍යය මේ වන විට විසි තුන් වාරයක් ලබාගෙන ඇති අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දැන් මෙලොව සිටියදී ම, ස්වර්ගයේ වාසය කරන නිර්මල කන්‍ය මරිය තුමිය සමග ඉතමත් සුහදව කටයුතු කරනු ලබයි. 2003 මාර්තු 1 වෙනි සෙනසුරාදා, මෙම දර්ශණ දෙව්මැඳුර තුල පැවති සන්ධ්‍යා නුවාන මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛දේව මෑණියෝ ඔබ සියලු දෙනාටම දක්වන්නේ මහා විශාල ආදරයක්. මම මේ ලෙසින් ඔබට කියන්නේ, දේව මෑණියන් එක්ක කථා කරන, එතුමියගේ අදහස් උදහස් දන්නා පුද්ගලයෙක් ලෙසටයි.’’ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෙම වචනවලට අනුව උන්වහන්සේ කන්‍ය මරිය තුමියගේ කරුණාවත්, විශ්වාසයත් කොතෙක් දුරට දිනාගෙන ඇති දැයි අපට තේරුම් ගැනීම දුෂ්කර නොවේ.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ නැවත වරක් මේ ලෝකයට දර්ශණයවී අපොස්තුළු තුමෙකු වශයෙන් පත්කරනු ලැබූ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නිර්මල කන්‍ය මරිය තුමියගෙන් කරනු ලැබූ විශේෂ ඉල්ලීමකට අනුව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත මර්ය තුමියගේ ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන්, ප්‍රතිහාර්‍යාත්මක අන්දමින් 2011 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස ප්‍රභල අන්දමින් පිච්ච මල් සුවඳ පැතිරුණ අතර, මෙම ආශ්චර්‍යමත් සිදුවීම දින දෙකක් සිදු වීමට නියමිතය.

 

එම දින දෙකෙන් ප්‍රථම දිනය අගෝස්තු 20 වෙනි දින පැවති අතර, දෙවන දිනය හෙවත් අවසාන දිනය කෙදිනට යෙදේදැයි දැනගැනීමට මරිය තුමියට ලැදි බැතිමතුන් මහත් ආශාවෙන් පසුවෙති.

 

පිච්ච මල් සුවඳ පැතිරුණ දෙව් මවුන්ගේ මෙම ආශ්චර්‍යමත් ප්‍රතිමාව දැන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා භාරයේ තැන්පත් කර ඇත.

 

පසුගිය අගෝස්තු 20 වෙනි දින දෙව් මවුන්ගේ ආශ්ඡර්‍යමත් ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කිරීමට නන් දෙසින් ජනතාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත එක් රොක් වී සිටියහ. ආශ්චර්‍යමත් දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ විඳගත් ඔවුන් මහත් උද්දාමයට පත් වූහ.

 

දෙව් මවුන්ගේ ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙන මීළඟ දිනය යෙදෙන්නේ කවදාටද? එම දිනය දැන ගැනීමට ජනතාව පුල පුලා බලා සිටිති.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල 2011 අගෝස්තු 20 වෙනි දින තැන්පත් කර තිබූ නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙත් දී ශ්‍රද්ධාවෙන් ඇලලී ගිය සැදැහැවතුන් ආශ්චර්‍යමත් ප්‍රතිමාව අසලට පැමිණ, ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කරන අන්දම පහත ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි.