පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ නාමයට පුද දෙනු ලැබූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දේව මන්දීරය තුල පැවැත්වෙන ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සැප්තැම්බර් 8 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට, දර්ශණ දේව මන්දීරය තුල දී පැවැත්වෙනු ඇත.

 

අභිනව දර්ශණ දේව මන්දීරය පිළිගනිමින් නිර්මල මරිය මාතාවන් අපට ලබා දුන් දින පහක, විශේෂ වරප්‍රසාද දායක කාල සීමාව් අවසාන දිනය වන සැප්තැම්බර් 8 වෙනි ලබන සෙනසුරාදා පැවැත්වෙන ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයේ දී පාව්ච්චි කරනු ලබන වටිනා නව දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත තෑගි කරනු ලැබුවේ සීදූවේ, සුරේන් චතුරංග ප්‍රනාන්දු මහතා විසිනි.

 

පසුගිය අගෝස්තු 11 වෙනි දින සවස අභිනව දර්ශණ දෙව් මැදුර ආසිරි ගැන්වීමෙන් පසුව සුරේන් චතුරංග මහතා විසින් මෙම වටිනා දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත තෑගි කරනු ලැබුවේ අභිනවදර්ශණ දෙව් මැදුර තුලදී වීම ද විශේෂත්වයක් වන අතර එම අවස්ථාවේ ඡායාරූප ඔබට මෙහි දැකගත හැකියි.

 

අගෝස්තු 31 වෙනි දින apostleofsrilanka fb පිටුවට සුරේන් චතුරංග මහතා මෙලෙස සටහනක් comment කර තිබුනි.

 

විශ්මයන් එකක් පිටුපස තවත් එකක්. හරිම පුදුමයි

 

පසුගිය සති 3 ම මට දර්ශන දේව මන්දීරය තුලට යන්න වාසනාව තිබුනා. ඒ කිසිම අවස්ථාවක මම රතු පෙට්ටියට ඉල්ලීම් ලිපි දැම්මෙ නෑ. ඒ මම කටුනායක අප ස්වාමිදූ ගේ මේ සිද්ධස්ථානයට එන්න පටන් ගත්ත දවසේ ඉදන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාගේ මැදහත්කමෙන් දේව අම්මා මට ලබා දුන්න ගනන් කරලා කියන්න බැරි තරම් මහත් වූ වරප්‍රසාද නිසා මට තවත් දේවල් ඉල්ලන්න ඉතුරු වෙලා නෑ කියලා මට හැගෙන නිසයි. ඒ නිසා මම පසුගිය සති 3 ම දර්ශන දේව මන්දීරය තුලට ගියෙ අප ආදර මෑණියන්ගෙ ලස්සන සිනහව දකින්නයි.

 

පලමු සතියේ දේව අම්මා පාමුල දන ගහලා එතුමිය දිහා බලද්දි නිකන්ම මගේ ඇස් වලට කදුලු ආවා. ඒ හින්දා මට එදා එතුමියගෙ මූණ හරියට පෙනුනේ නෑ.
දෙවෙනි සතියේ දේව මන්දීරය තුලට මම යනකොටම එතුමිය මාත් එක්ක සිනාසුනා. මට සතුට වැඩිකමට අනිත් පැත්තට ගිහින් ආයෙත් එතුමිය දිහා දිහා බලද්දී ඒ සිනහව තිබුනෙ නෑ.

 

3 වෙනි සතියත් මම දේව මන්දීරය තුලට ගියෙ එතුමියගේ සිනහව දකින බලාපොරොත්තුවෙනුයි. මම එතුමිය දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා…. හරිම පුදුමයි එතුමියගේ වම් හස්තයේ සිටින ජේසු බිලිදා ඇසිපිය හෙලනවා මම දැක්කා. මට හිතාගන්නවත් බැරිවුනා. මම එලියට ඇවිත් මගෙ ලගින්ම දන ගහගෙන හිටිය කෙනාගෙන් මම ඇහැව්වා පල්ලිය ඇතුලෙදි මොකුත් දැක්කද කියලා. ඔහුත් මම දැකපු දේම දැකලා තිබුනා. ආදර දේව අම්මේ ලබන සෙනසුරාදාත් මාත් එක්ක සිනාසෙන්න දේව අම්මේ.