කිසිවෙකුවත් බලාපොරොත්තු නොවන අවස්ථාවල, කිසිවෙකුත් නොසිතන දේ කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2016 නව වසර ආරම්භවී සුළු වේලාවක් ගතවී ඇති අළුයම තවත් අපූරු එවැන්නක් කලහ.

 

2015 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රියේ විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැ ජනතාව දුර බැහැර නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආවේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ ප්‍රේමය සහ කන්‍ය මරිය තුමියගේ රැකවරණය තුළ, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබාගෙන, උදාවන 2016 නව වසර ආරම්භ කිරීමටයි.

 

මධ්‍යම රාත්‍රී නව අවුරුදු දිව්‍ය පූජාවෙන් පසු සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඔවුන් හමුවට පැමිණෙතැයි බලාපොරොත්තු වූ ලෙසින්ම උන්වහන්සේ පැමිණියහ.

 

එසේ පැමිණි උන්වහන්සේ සැදැවතුන්ට රුපියල් සියයේ මුදල් නෝට්ටුවක් සමග අළුත් අවුරුදු සුභ පැතුම් කාඩ් පතක් පිරිනැමූ සේක.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙවැන්නක් කරන බව, ඒ අවස්ථාව වන විට කිසිවෙකුත් දැන සිටියේ නැත. බලාපොරොත්තු සුන්වූ අවස්ථාවල ජනතාවට පිහිට වන මේ අපොස්තුළුතුමා, ස්වභාවික අන්දමින් ද ජනතාව බලාපොරොත්තු නොවන වේලාවක, කවුරුත් නොසිතන දේ කරනුයේ ජන හදවත් සතුටට පත් කරවමිනි. 2016 නව අවුරුදු උදාවත් සමග ඔවුන්ගේ අතට හා පුරා කියා රුපියල් සියයක මුදල් නෝට්ටුවක් සමග අළුත් අවුරුදු සුභ පැතුම් කාඩ් පතක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අතින් හිමි වීම සැදැහැ ජනතාවට දැඩි සතුටක් විය.

 

රුපියල් සියයේ මුදල් නෝට්ටු පිරිනමමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැදැහැ ජනතාවට ප්‍රකාශ කලේ උදාවූ 2016 වසර තුල මෙම මුදල් නෝට්ටුව ලඟ තබාගෙන, වසර අවසාන සතියයේ දී, අසරණ වූ අයෙකුට එම මුදල් නෝට්ටුව පිරිනමන ලෙසය.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ 2016 නව අවුරුදු උදාවත් සමගම, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී, සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දෝතින්, රුපියල් සියයේ මුදල් නෝට්ටු සමග නව අවුරුදු සුභ පැතුම් පත් ලබා ගන්නා අයුරුයි

 

sn167_02

 

sn167_03

 

sn167_04

 

sn167_05

 

sn167_06

 

sn167_07

 

sn167_08

 

sn167_09

 

sn167_10

 

sn167_11

 

sn167_12

 

sn167_13