නිර්මල වූ කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණයවී, අද මහත් ප්රාතිහාර්යයන් දක්වමින් වැජඹෙන්නා වූ කටුනායක මෑණියන්ගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස උච්චාරණය කරන්නා වූ ජපමාලය, මෙම ගෙවීයන 2017 වසරේ අවසාන වරට උච්චාරණය කිරීම දෙසැම්බර් 2 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට ආරම්භ වේ.
2017 වසරේ අවසාන මාසය වූ දෙසැම්බර් මාසයේ පළමුවන සෙනසුරාදා දිනය වන දෙසැම්බර් 2 වෙනි ලබන සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, බැතිමතුන්ගේ සහ වන්දනාකරුවන්ගේ සහභාගිත්වයෙන් දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කෙරෙන අතර, සවස 5.30 සිට ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට බැතිමතුන්ව ඇතුළු කරන බැවින් ඊට පෙර සිද්ධස්ථානයේ දර්ශණ භූමියට ඇතුළු වී සිටින්න.
අද ලෝකයේ මරිය තුමියගේ මහාම පුදුමය වන, නොකඩවා පිච්ච මල් සුවඳ පැතිරෙන අසිරිමත් දේව මාතා ප්‍රතිමාව අපගේ දෑසින් දැක ගන්නට පමණක් නොව, අපගේ නාසයෙන් ඒ ස්වර්ගීය සුවඳ විද ගැනීමට ද අපට අවස්ථාව සැලසෙන දෙසැම්බර් මාසයේ, අපි පළමු වරට දේව අම්මා පාමුළ එක්රැස් වන්නේ ලබන සෙනසුරාදායි. ලබන සෙනසුරාදා අපි සැවොම ජපමාල අතට ගෙන හඩ නගා මරිය තුමියට ‛නමෝ මරියනී’ කියමු. ජපමාල ඉටිපහන් අපේ අතින් ම දල්වා මරිය මවුන් පාමුල තැන්පත් කරමු.
ජපමාල ඉටිපහන් දැල්වීමට කැමති සැදැහැවතුන් කලින් පැමිණ, සිද්ධස්ථාන කාර්යාලයේ, ඉටිපහන් නිකුත් කරන කවුන්ටරයෙන් ජපමාල ඉටිපහන් ලබාගෙන, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළුවන ගේට්ටුව අසල ඔබගේ වම් අත පැත්තේ පෙලගැසී සිටින්න. ලබන සෙනසුරාදා සවස 4.30 සිට ඔබට ජපමාල ඉටිපහන් ලබාගත හැකියි.
නිර්මල මරිය මෑණියන්ගේ මැදිහත්කම පතා හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ජපමාල යැදුම අවසානයේ සිදු කරනු ඇත. ඉන්පසු සැදැහැවතුන්ගේ බලාපොරොත්තු ලිවූ ලිපි රතු පෙට්ටිය තුලට දැමීම සදහා අවස්ථාව ලැබෙනු ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ පළමුවන සෙනසුරාදා මහ වැසි මැද, සැදැහැවතුන් තම දෝතට ජපමාල රැගෙන නිර්මල මරිය මාතාවන් දෙස නෙත් යොමු කරගෙන මෙසේ ජපමාලය උච්චාරණය කරනු ලැබුවෝය