කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් මෙන්න තවත් හාස්කමක් වාර්තා වෙයි

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත්වී ඇත.   නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැකගෙන, එතුමිය වෙතින් විවිධ වූ පණිවිඩයන් ද ලබාගෙන, එතුමිය සමග බොහෝ දේ කතාකරගෙන ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අද ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළුතුමා වන…

ලෝකයේම පස්වැනි දෙව්මැදුරද, ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙව්මැදුර ද අගෝස්තු 11 වෙනිදා කටුනායක දී ආසිරි ගන්වනු ලබයි

ලෝකයේම පස්වැනි දෙව්මැදුරද, ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙව්මැදුර ද වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඉදිකර, අගෝස්තු 11 වෙනි දා සවස 6 ට, නිර්මල කන්‍ය මරිය තුමිය වෙත පුද දෙනු ලබන අලංකාර දර්ශණ දෙව්මැදුරයි.   මේ ප්‍රකාශය ඔබට ගැටළුවක් විය හැකියි. ලෝකයේම පස්වෙනි දෙව්මැදුර……..ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙව්මැදුර……මේ දර්ශණ දෙව්මැදුර යයි අපි ඔබට පවසන්නේ ඇයි? හේතුව මෙයයි. හොදින්…

අභිනව දර්ශණ දේව මන්දීරය ගොඩනැංවීමේ කටයුතු මෙහෙය වූ මනෝජ් චින්තක මහතාට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රසාදය පලවෙයි

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා   අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මෑණියන් වෙත පුද දෙනු ලබන අභිනව දර්ශණ දෙව්මැදුර පමණක් නොව, ඊට සමගාමීව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිදුකරනු ලැබූ යෝධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් පූර්ණ විශ්වාසය තබා භාරදෙනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා වෙතයි.  …

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු වරක් දෙවරක් නොවෙයි, විසිතුන් වතාවක් ම කන්‍ය මරිය තුමිය දර්ශණය වූ සිද්ධස්ථානයක්

දුකට වේදනාවට අසරණභාවයට බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වී දෙවිදු සරණය සොයන ජනතාවට අද සැනසීම සමග සුව සහනය උදාකර දෙන්නා වූ මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත්තේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, මෙලොව ජීවතුන් අතර සිටියදී ම, නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක…

අගෝස්තු 11 වෙනි සෙනසුරාදා නිර්මල මරිය මාතාවෝ කටුනායක දී කුමක් කරන්නට යන්නේද? විස්මිත පුවතක්

පසුගිය සෙනසුරාදා (ජූලි 14) දින සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සදහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගොස් සිටි බැතිමතුන්ට අසන්නට ලැබුනේ ඔවුන් මවිතයටත්, සතුටටත් පත්කරන නිවේදනයකි. එනම් නිර්මල කන්‍ය මරිය තුමියගේම ඉල්ලීම පරිදි ඉදිකරනු ලැබූ දර්ශණ දෙව් මැදුර එතුමියට භාරදෙනු ලබන අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස බැතිමතුන් මවිත කරවන යමක් දර්ශණ දෙව්මැදුර තුල දී දැක…

නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ සුරතට ගනු ලැබූ අපොස්තලික මුදුවට සතලිස් වසරක් සම්පූර්ණයි, අදටත් එයින් පිච්ච මල් සුවද පැතිරෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ සුරතේ පළඳා ඇති, අසිරිමත් ලෙස පිච්ච මල් සුවද පැතිරෙන ශුද්ධවු අපොස්තලික මුදුව පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, එම අසිරිමත් මුදුව මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් සිපාචාර කර ඇත. විවිධ ජාතීන්ට අයත්, විවිධ ආගම් වලට අයත්, නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන් මෙම පිච්ච මල් සුවද විහිදෙන අපොස්තලික මුදුව ආදරයෙන්ද, භක්තියෙන්ද යුතුව…