ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, පසුගියදා (2012 ජනවාරි 29 දින) නුවරඑළිය බලා පිටත්ව ගියේ කෙටි නිවාඩුවකටයි. ශ්‍රී ලංකාවේ ඉතාමත් ශීතල දේශගුණයකින් යුතු කඳුකර පලාතක් වන නුවරඑළිය, බොහෝ විට මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නිවාඩු ගත කිරීම සඳහා උන්වහන්සේ විසින් තෝරා ගනු ලබන සුන්දර ප්‍රදේශයකි.

 

ඉතාමත් කාර්‍ය බහුල දිවියක් ගත කරනු ලබන අධ්‍යාත්මික නායකයකු වන අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විවේකීව සිටීමට නුවරඑළියට සම්ප්‍රාප්ත වූවද උන්වහන්සේගේ දින චාරියාව ගෙවී ගියේ, විවේක ගැනීමටම නොව, වැඩ කරමින් විවේක ගැනීමටයි.

 

යාච්ඤා කිරීමට ද, භාවනා කිරීමට ද, ශුද්ධවු බයිබලය කියවීට ද, විවිධ විෂයන් සම්බන්ධව ලියවී ඇති පොත් කියවීමට ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දිනපතා කාලය වෙන්කරගෙන තිබූ අතර, එයිනුත් වැඩි කාලයක් වෙන්කර තිබුනේ සැදැහැවතුන් විසින් උන්වහන්සේ වෙත යොමු කර තිබුණ ‛පිහිට පැතීමේ ලිපි’ කියවීමටයි.

 

සෑම සෙනසුරාදාවකම සවස විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කරා පැමිණෙන සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ පිහිට සොයති. මිනිස් ශක්තියෙන් විසඳා ගැනීමට අපොහොසත් තම ජීවිතවල දැවෙන ප්‍රශ්ණ වෙනුවෙන්, ජේසු තුමන් සහ දෙව් මවුන් ඉදිරියේ මධ්‍යස්ථ වී පිහිට ලබා දෙන ලෙස ඉල්ලා කන්නලවු කරමින් තම ගැටළු ලියා එම ලිපි උන්වහන්සේගේ සුරතට පත් කිරීමට කටයුතු කරයි. ඒ සඳහා උන්වහන්සේගේ පින්තූරය අසල, ‛ඉල්ලීම් ලිපි’ දැමීම සඳහා විශේෂ ලිපි පෙට්ටියක් තබා ඇති අතර, විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණෙන සැදැහැවතුන් තම ජීවිතයේ දැවෙන ප්‍රශ්ණ ලියා මෙම පෙට්ටියට ලිපි දමනු ලබයි.

 

මේ සෑම ලිපියක්ම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ අවධානයට යොමු වන අතර, යම් මොහොතක උන්වහන්සේගේ පිහිට ද සරණය ද හිමි වනු ඇත.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සාමාන්‍යයෙන් ඉතාමත් කාර්‍ය බහුල කාල සටහනක් අනුගමනය කරනු ලබන අධ්‍යාත්මික නායකයෙකි. නුවරඑළියේ ගත කරනු ලැබූ කාලය තුල උන්වහන්සේගේ දෛනික කාලසටහන මදක් වෙනස් වී තිබුණ බවක් දකින්නට හැකි විය. නිහක්‍ෂව ඇවිදීමට කැමැත්තක් දක්වන උන්වහන්සේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ උන්වහන්සේගේ පුද්ගලීක උයනේ සවස් කාලයේ ඇවිදීම සිරිතක් වූවද, නුවරඑළියේදී මේ සඳහා උන්වහන්සේ යොදාගෙන තිබුනේ දිවා ආහාරයෙන් පසුවයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා යාච්ඤා කරමින්ද, භාවනා කරමින් ද ශුද්ධවු බයිබලය සහ විවිධ විෂයන් සම්බන්ධව ලියවී ඇති පොත් කියවමින් ද ඒ අතර වැඩි කාලයක් සැදැහැවතුන් විසින් උන්වහන්සේ වෙත යොමු කර තිබුණ ‛පිහිට පැතීමේ ලිපි’ කියවමින් ද නුවරඑළියේ ගත කරනු ලැබූ කාලය දුටු අපට මතක් වූයේ, ‛‛ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක විවේක ගන්න’’ (මාක් 6/31) කියා ජේසුස් ස්වාමින් වහන්සේ සිය අපොස්තුළු තුමන්ලාට පැවසූ අවස්ථාවයි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නුවරඑළියේදී දිවා ආහාරයෙන් පසුව නිහක්‍ෂව ඇවිදිමින් සිටින අයුරු අපට ඡායාරූප ගතකර ගැනීමට හැකි වූ අතර, එම ඡයාරූප කීපයක් පහත ඔබට දැක ගත හැකියි