තම දෑස් ඉදිරියේම සතර වතාවක් දෙව් මවුන් සිදුකල ප්‍රාතිහාර්‍යය සිදුවන මීළඟ දිනය?

අප ආදරණීය නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ මහත් වූ ප්‍රාතිහාර්‍යාත්මක සිදුවීමකට පසුගිය දා එනම් 2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මුහුණ දුන් සැදැහැවතුන් අදටත් ඒ අසිරිමත් සිදුවීම මහත් සෙනෙහසින් යුතුව සිහිපත් කරනු ලබයි.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම,…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙයි – එතුමියගේ ස්වර්ගීය සුවද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ…

සතරවන වරටත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිදු කල මහා ප්‍රාතිහාර්‍යය – ලබන සෙනසුරාදා අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව පාමුල ජපමාල උච්චාරණය සවස 5 ට

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හෙවත් එතුමියගේ මහා හාස්කම් භූමියේ හදවත වූ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ඉල්ලීමක් පරිදි ඉදි වූ දර්ශණ දෙව්මැදුරේ, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත, නිර්මල කන්‍ය මරිය තුමිය, ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ දරා අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන…

මරිය තුමී දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුවදින් පිරී ඉතිරී යයි – මරිය මවගෙන් ප්‍රභල ප්‍රාතිහාර්‍යයක්

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය පෙරේදා (අගෝස්තු 20 සෙනසුරාදා) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය….

ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තියේ සැඟවුන තොරතුරු හෙළිකරමින් ඩී.වී.ඩී. තැටි දෙකක් නිකුත් වෙයි

ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අලලා, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ඩීවීඩී තැටි දෙකක් නිකුත් කර ඇති අතර, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සැබැඳි මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙමගින් හෙළි වී තිබෙනවා.   එයින් පළමුවැන්න, ‛‛සීමොන් සුරපුරට’’ යනුවෙන් නම්කර ඇති අතර, සිරේනියේ සීමොන් පිළිබඳව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පවත්වනු ලැබූ දේශණයක් ඊට ඇතුළත් වෙනවා.   ජේසුස්…

දහම් දේශනා සාවධානව ශ්‍රවණය කල දරුවාට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ත්‍යාග පිරිනමයි

ධම්මපදයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක ‛සබ්බං පහාය ගමනීයං’ යනුවෙන් දේශනා කර ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ඇත්තේ ‛සියලු ආකාර තණ්හාවෙන් ප්‍රවේසම් වෙන්නට වග බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපල තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත’ (ලූක් 12/15) යනුවෙන්ය. මේ ශාස්තෘවරුන් දෙදෙනාගේම ධර්ම දේශනයන් ද්විත්වය එකට කැටිකොට සංෂිප්ත කරමින්, එනම් අප සියල්ල හැරදා යා යුතු බවත්,…

ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමන්ගේ උපත සිදු වූ මැදියම් රැයේ උන්වහන්සේ වෙත ජනතා හදවත්වලින් ගලාගිය ආදරය

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 65 වන ජන්ම දිනය යෙදුනේ 2022 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 2 වෙනි දිනයේ උන්වහන්සේගේ මෙලොව උත්පත්තිය සිදු වූ අතර, මේ උපත සිදුවූ නිශ්චිත වේලාව වූයේ, 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින, මධ්‍යම රාත්‍රී 12 ටයි.   දවසක් නිමා වී, අළුත් දවසක් උදාවන අවස්ථාවේ හෙවත් අන්ධකාරයේ උපරිම අවස්ථාවේ, ආලෝකයේ උදාව…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජීවිතයේ 66 වෙනි වසර ආරම්භ කරමින්, අපොස්තුළු තුමෙකු ලෙස මෙලොව 47 වසරක් සම්පූර්ණ කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මෙලොව ගතකල දිවියේ අවුරුදු 65 ක්, පෙබ්‍රවාරි 2 වෙනි දින සම්පූර්ණ කරමින් 66 වෙනි වසරට පා තැබූ සේක. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේ උන්වහන්සේ උපත ලැබුවේ සියළු යසඉසුරු සමගිනි. ජේසු තුමන්ගේ උපත සිහිපත් කරනු ලබන නත්තල අපට සිහිපත් කරවන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උත්පත්තිය සිදුවූ වේලාව, සැබවින්ම…

එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ.   ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්…

නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වී වසර 47 ක් සපිරෙයි

ආශ්චර්යවත් දේව මාතා ප්‍රතිමාව පාමුළ ජපමාලය සහ හාස්කම් යාච්ඤාව පුදකිරීම හෙට (පෙබ්‍රවාරි 5) සවස 5 ට   ලොව විවිධ ප්‍රදේශයන්හි දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ මීට වසර 47 කට පෙර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි. එතැන් සිට මේ දක්වා විසිතුන් වාරයක් එතුමිය…