ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී, අද මහත් ප්‍රාතිහාර්යයන් සිදුකරමින් එතුමිය සොයා පැමිණෙන සියල්ලන්ට සැනසීම ලගා කර දෙන්නාවූ නිර්මල කන්‍ය මරිය මාතාවන් සැබෑ ලෙසින්ම, සිය දෙනෙතින් ම දැක බලා ගැනීමේ මහිමය ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසුගිය 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන්ට අගනා තෑග්ගක් ප්‍රධානය කරනු ලැබුවා.

 

කිසිවෙකුගෙන්වත් ආධාරයක් උපකාරයක් ඉල්ලන්නේ නැතිව, සම්පූර්ණයෙන් ම සිය පුද්ගලීක මුදල් යොදවා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දෙව් මවුන්ට පුද කරනු ලැබුවේ රත්තරන් ඔටුන්නක්. එය රත්තරන් ඔටුන්නක් පමණක් නොවෙයි, සම්පූර්ණ ඔටුන්න පුරාවටම නිල් මැණික් රාශියක් සහිත රත්තරන් ඔටුන්නක්.

 

වියදම් කරන මුදලට වඩා වැඩි වාසියක් නොලැබේ නම්, අද කිසිදු වියදමක් දැරීමට අකමැති මිනිසුන් සිටින සමාජයක තවමත් ජීවත් වන්නාවූ සැට වියැති ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවුන් වෙනුවෙන් සිදු කරනු ලැබුවාවූ මේ මහා පරිත්‍යාගය සැබවින්ම සියල්ලන්ගේම දෙනෙත් දෙව් මවුන් වෙත යොමු කරනු ලබන්නට සමත් වූ බව රහසක් නොවෙයි.

 

නිර්මල කන්‍ය මරිය තුමියව මෙලොවදී තම දෑසින් දැක ගැනීමේ සුවිශේෂී භාග්‍ය ලැබූවන් අතරින්, දෙව් මවු ප්‍රතිමාවකට ඔටුන්නක් පළඳවනු ලැබූ ප්‍රථමයා වන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. මේ වන තෙක් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් ව සියැසින් දැකගනු ලැබූ කිසිවෙක් දෙව් මවුන්ගේ ප්‍රතිමාවකට කුමන ආකාරයක හෝ ඔටුන්නක් පළඳවා නැහැ. මේ අනුව බලන විට 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා දින සිදු වූයේ ඓතිහාසික සිදුවීමක් බව නොලියා බැහැ.

 

2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියේ ඉදිකර, අලංකාර මලින් සරසා තිබූ පීඨිකාවක දී නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පැළදවීම සඳහා පැමිණි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ප්‍රථමයෙන් කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව ඉදිරියට ගොස් ටික වේලාවක් යාච්ඤා කරනු ලැබූ අයුරු මෙම ඡායාරූප කිහිපයෙන් ඔබට දැකගත හැකිවනු ඇත

 

Our Lady of Katunayake's Shrine, Sri Lanka

 

Our Lady of Katunayake

 

Mariyahanda

 

Mariya Handa

 

His Holiness Apostle Rohan Lalith Aponso

 

Apostle Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

Our Lady of Katunayake's Shrine, Sri Lanka

 

Our Lady of Katunayake