අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී ඇති බවත්, මෙම පුවත අප සියළු දෙනාටම දුක් මුසු පුවතක් වූවද, මෙම දෙව් මවු ප්රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහා මෙම පියවර ගනු ලබන නිසා, මෙය එක්තරා අන්දමක සතුටුදායක ආරංචියක් බවත්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පසුගිය ජූලි 6 වෙනි සෙනසුරාදා සවස සැදැහැවතුන් අමතා මෙම සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී ප්රකාශ කරනු ලැබුවා.
උන්වහන්සේ වැඩි දුරටත් ප්රකාශ කරනු ලැබුවේ, වර්ෂ 1984 පෙබ්රවාරි 12 වෙනි දින සවස 6.30 ට, මෙම දේව මාතා ප්රතිමාව අභිනවයෙන් ආසිරි ගන්වා, එතුමියගේ සිරසට රන් ඔටුණු පළඳවා, එතුමියගේ දෝතට රන් ජපමාලයක් ද පුද කරනු ලැබූ අතර, එතැන් සිට මෙම දෙව් මවු ප්රතිමාව, ආගම් භේදයකින් තොරව සැදැහැ ජන හදවත් ඇද බැඳ තබාගත් බවයි. ඉදිරිපිට මහා මාර්ගයේ යන එන්නන් මෙම දෙව් මවු ප්රතිමාව අභියස දණින් වැටී යාච්ඤා කරනු ලැබූ අතර, සිද්ධස්ථානයට ඇතුළු වන විටත්, පිටවන විටත් සැම දෙනෙක්ම මෙම දෙව් මවු ප්රතිමාව ඉදිරිපිට මොහොතක් නතර වෙන්නට අමතක නොකල බවත් උන්වහන්සේ ප්රකාශ කරනු ලැබුවා.
මෙම දෙව් මවු ප්රතිමාව, ප්රතිමාවක් වූවත්, ස්වර්ගයේ ජීවමානවම වැඩ වසන දෙව් මවුන්ගේ ජීවමාන ප්රතිමාවක් බවට පත්වුනේ, මෙම දෙව් මවු ප්රතිමාව අභියසදීම ප්රාතිහාර්යයන් කීපයක්ම ඉටු වෙමින් බව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්රකාශ කරනු ලැබුවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ඉදිකර ඇති මණ්ඩපයේ ස්ථාපිත දෙව් මවු ප්රතිමාව අභියසදීම මෑතක සිදුවූ ප්රාතිහාර්යයන් දෙකක් ද පසුගිය ජූලි 6 වෙනි සෙනසුරාදා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ඉදිරිපිටදීම හෙළිදරව් වුණා.
ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා එදින සෑම සියළු දෙනාටම විවෘත ආරාධනයක් ද කරනු ලැබුවා. ‛‛එතෙක් මෙතෙක් කාලයක් මේ දෙව් මවු ප්රතිමාව ඉදිරිපිට දණ නැමූ සියළු දෙනාම අගෝස්තු 3 වෙනිදා සවස 6.30 ට මේ දෙව් මවු ප්රතිමාව අභියස පැවැත්වෙන ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙයට’ එන්න.’’ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා එසේ ආරාධනය කරනු ලැබුවා.
ඉවත්කිරීමට යෝජිත දෙව් ප්රතිමා මණ්ඩපය සහ 2013 ජූලි 6 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සැදැහැවත් ජනතාව අමතනු ලැබූ අයුරු පහත ඡායාරූප මගින්