කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ජනතාව අතරේ පැතිරෙන්නට තරම් දෙව් මවුන්ගේ බැල්ම යොමුවී පවතිනවා

මෙලොව ගත කරනු ලබන දිවියේ පිළිසරණයක් නොමැතිව අසරණ වන්නාවූ දනන් වෙත ජාති ආගම් ආදී කුමන අයුරක හෝ භේදයකින් තොරව පිහිට වන්නාවූ නිර්මල කන්‍ය මරිය මෑණියන් අද ප්‍රභල ලෙස හාස්කම් පාන්නාවූ සිද්ධස්ථානයක් වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ජනතාව අතර කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය යනුවෙන් ප්‍රචලිත වීමට තරම් දෙව් මවුන්ගේ පිහිට ලැබෙන සිද්ධස්ථානයක් වන මෙම කටුනායක…

කන්‍ය මරිය තුමිය සොයා එන දරු දැරියනට පිහිට වීම පමණක් නොව එතුමිය පිහිට වන්නා වූ ආකාරය ද පුදුමාකාරයි

සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ජාති ආගම් භේදයන්ගෙන් තොරව, අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය තුමියට ලැදි සැදැහැවතුන් එතුමියට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සඳහා රැස්වන්නේ, එම යාච්ඤාව නිර්මල කන්‍ය මරිය තුමියට මහත්සේ ප්‍රසන්න වූ යාච්ඤාවක් බවට පත් වී ඇති නිසාය.   එම යාච්ඤාව 2012 වර්ෂයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්…

මරිය තුමිය මට මවක් විතරක් නෙමෙයි. එතුමිය මට රැජිනක්. ඔබටද එය එසේ විය යුතුයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මරිය මාතාවන්ගේ ලොව පුදුම ප්‍රාතිහාර්‍යය වන, පිච්ච මල් සුවද පැතිරෙන අසිරිමත් ප්‍රතිමාව දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාවෙන් පසුව සහ දෙසැම්බර් 31 වෙනි දින නව අවුරුදු මංගල දිව්‍ය පූජාවෙන් පසුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ප්‍රදර්ශණය කිරීමට නියමිත අතර මෙම අසිරිමත් දේව මාතා ප්‍රතිමාව සම්බන්ධව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017…

පිච්චමල් සුවඳ පැතිරෙන අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ සේයාරුව ප්‍රදර්ශණය කෙරෙන අවසාන දිනය ලබන සෙනසුරාදා

පිච්චමල් සුවඳ පැතිරෙන ලොව ඇති එකම එක අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ සේයාරුව ප්‍රදර්ශණය කිරීම නොවැම්බර් 18 වෙනි සෙනසුරාදා ආරම්භ කරනු ලැබීය. ආශ්චර්යමත් ප්‍රතිමාව තැන්පත් කර ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී මෙම සේයාරුව ප්‍රදර්ශණය කරනු ලැබූ අතර, දෙසැම්බර් 24 වෙනි ඉරුදින මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාව අවසානයේ දී…

ඉල්ලීම් ලිපි සමගින් සෑම සෙනසුරාදාවකම රතු පෙට්ටිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතට

නිර්මලවූ අති දයාබර කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත නිරන්තරයෙන් ඇදී එන්නාවූ ජනතාව දයාබර මරිය මවගේ පිහිට ආධාරය පතන්නේ මවක ඉදිරියේ වැඳ වැටී ආයාචනය කරන්නා වූ දරුවන් මෙනි. මේ සැම දෙනෙක් වෙනුවෙන් දයාබර මරිය මවගේ අනුකම්පාවේ සහ දයාවේ දෝත දිගුවන්නේ සත්තකින්ම මවු සෙනෙහසිනි….

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

පිච්චමල් සුවඳ පැතිරෙන අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ සේයාරුව ඉදිරියේ දී පවා සැදැහැවතුන් දෙව් මවු පිහිට අත්දකිති

මේ ලෝකයට පැමිණීම සදහා ජේසුස් ස්වාමින් වහන්සේ තෝරාගනු ලැබූ සියළු වරප්‍රසාදයෙන් පූර්ණ වන්තිය වූ කන්‍ය මරිය තුමිය අද ලෝකයේ ජීවත්වන සියල්ලන්ටම එකසේ ආදරය සහ කරුණාව දක්වන ලොව උතුම්ම අම්මා බවට පත් වී ඇත.   මේ සියල්ලක් විවිධ පණිවිඩ මගින් ලොවට හෙලි කරමින් අද නිර්මල මරිය මාතාවෝ එන යන සිද්ධස්ථානයක් බවට පත් වී ඇති ශ්‍රී ලංකාවේ…

දේවමාතා වහන්සේ පාමුල ජපමාල උච්චාරණය සදහා ආගම් භේදයෙන් තොරව ජනතාව ඉටිපහන් දල්වති

දේවමාතා වහන්සේ මේ ලෝකයට දර්ශණය වීම සදහා තෝරාගනු ලැබූ පූජනීය සිද්ධස්ථානයක් වන ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මේ වන විට දේවමාතා වහන්සේ විසිතුන් වතාවක් වැඩම කර තිබෙන අතර පණිවිඩ රාශියක් පවසා ඇත්තාහ.   අද මහත් හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇති මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි අදටත් ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා…

ලබන සෙනසුරාදා සවස අපි සියල්ලෝම මරිය තුමියට ‛නමෝ මරියනී’ කියමු

නිර්මල වූ කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණයවී, අද මහත් ප්‍රාතිහාර්යයන් දක්වමින් වැජඹෙන්නා වූ කටුනායක මෑණියන්ගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස උච්චාරණය කරන්නා වූ ජපමාලය, මෙම ගෙවීයන 2017 වසරේ අවසාන වරට උච්චාරණය කිරීම දෙසැම්බර් 2 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට ආරම්භ වේ.   2017 වසරේ අවසාන මාසය වූ දෙසැම්බර් මාසයේ…