මේ ලෝකයට පැමිණීම සදහා ජේසුස් ස්වාමින් වහන්සේ තෝරාගනු ලැබූ සියළු වරප්‍රසාදයෙන් පූර්ණ වන්තිය වූ කන්‍ය මරිය තුමිය අද ලෝකයේ ජීවත්වන සියල්ලන්ටම එකසේ ආදරය සහ කරුණාව දක්වන ලොව උතුම්ම අම්මා බවට පත් වී ඇත.

 

මේ සියල්ලක් විවිධ පණිවිඩ මගින් ලොවට හෙලි කරමින් අද නිර්මල මරිය මාතාවෝ එන යන සිද්ධස්ථානයක් බවට පත් වී ඇති ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මරිය තුමියගෙන් ලැබී ඇති විවිධ දීමනා අතරින් තවත් එක් දීමනාවක් වන්නේ පිච්ච මල් සුවද පැතිරෙන දේවමාතා ප්‍රතිමාවයි.

 

ප්‍රතිමාවකින් අවුරුදු ගණනාවක් පුරා නොකඩවා පිච්ච මල් සුවද පැතිරීම ගැන කල්පනා කරන විට ඔබට කුමක් සිතෙනවාද? එම ප්‍රතිමාවෙන් පෙන්නුම් කෙරෙන දේවමාතාවෝ කෙතරම් බලසම්පන්න විය යුතුද? එසේය, නිර්මල මරිය මාතාවෝ මහත් බලසම්පන්නමය. ‛සියළු වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය’ ලෙසට ජේසුස් ස්වාමින් වහන්සේම හදුන්වනු ලැබූ මේ ලොව එකම කාන්තාව ඇයයි. එතුමිය අතට ගෙන ලොවට දුන්, ලොව ඇති එකම ප්‍රතිමාවෙන් නිරතුරුවම පිච්ච මල් සුවද විහිදීම හමුවේ අපට සිතන්නට ඇත්තේ මෙම ප්‍රතිමාව දෙස නිරන්තරයෙන් නිර්මල මරිය තුමියගේ දෙනෙත් යොමු වී ඇති බවයි.

 

නිර්මල මරිය තුමියගේ දෙනෙත් නිරන්තරයෙන් යොමු වී ඇති ලොව එකම ප්‍රතිමාවේ සේයාරුව මෙම දිනවල සෙනසුරාදා සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රදර්ශණය කෙරේ. මෙම සෙයාරුව ඉදිරියේ දර්ශණ ඉටිපහන් දැල්වීම සදහා සැදැහැවතුන්ට ඉඩ සලස්වා දී ඇති අතර, අසිරිමත් ප්‍රතිමාවේ සේයාරුව ඉදිරියේ යාච්ඤාකර සැදැහැවතුන් ලබාගන්නා විවිධ වරප්‍රසාදයන් ගැන ද මේ දිනවල සිද්ධස්ථානයට වාර්තා වේ.

 

පිච්ච මල් සුවද පැතිරෙන අසිරිමත් ප්‍රතිමාවේ සේයාරුව ප්‍රදර්ශණය කරනු ලබන මීළග දිනය දෙසැම්බර් 9 වෙනි සෙනසුරාදා සවස 6 ටයි. ඉන්පසුව මෙම සේයාරුව ප්‍රදර්ශණය කරනු ලබන්නේ තවත් එක දිනයක් පමණි.

 

2017 දෙසැම්බර් 2 වෙනි සෙනසුරාදා සවස අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ සේයාරුව ඉදිරියේ දර්ශණ ඉටිපහන් දල්වාගෙන යාච්ඤා කරනු ලබන විශ්වාසිකයන් අතරින් පිරිසකගේ ඡායාරූපයි මේ