මරිය මාතාවන්ගේ ලොව පුදුම ප්‍රාතිහාර්‍යය වන, පිච්ච මල් සුවද පැතිරෙන අසිරිමත් ප්‍රතිමාව දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාවෙන් පසුව සහ දෙසැම්බර් 31 වෙනි දින නව අවුරුදු මංගල දිව්‍ය පූජාවෙන් පසුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ප්‍රදර්ශණය කිරීමට නියමිත අතර මෙම අසිරිමත් දේව මාතා ප්‍රතිමාව සම්බන්ධව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 දෙසැම්බර් 9 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී බැතිමතුන් පිරිසක් අමතමින්, නිර්මල කන්‍ය මරිය වහන්සේගේ මෙම පුදුම ප්‍රතිමාව සම්බන්ධව විශේෂ හෙළිදරුව් කිරීම් රැසක් සිදු කරනු ලැබූ සේක.

 

නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ හස්තයට මෙම ප්‍රතිමාව ගනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින බව පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එම අවස්ථාවේ සිට මෙම ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවද පිළිබදවද දීර්ඝ විස්තරයක් කරනු ලැබූ සේක.

 

‛‛මරිය තුමිය මට මවක් විතරක් නෙමෙයි. එතුමිය මට රැජිනක්. ඔබටද එය එසේ විය යුතුයි’’ යනුවෙන් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවසානයේ, පිච්ච මල් සුවද විහිදෙන මේ අසිරිමත් දේව මාතා ප්‍රතිමාවට මැණික් සහිත නව රත්තරන් ඔටුන්නක් පළදවනු ලබන බව ද ප්‍රකාශ කලහ.

 

ඉතාමත් සියුම් කැටයම් සහිත මෙම ඔටුන්න දැනටමත් සාදා අවසන් බවත්, මේ සදහා කිසිවෙකුගෙන්වත් ආධාර උපකාර එකතු නොකර තම පුද්ගලීක වියදමින් මෙම ඔටුන්න සාදවා ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කල සේක.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී 2017 දෙසැම්බර් 9 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැදැහැවතුන් පිරිසක් අමතනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දකින්නට හැකියි