ප්රතිසංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපිට ඉහළින්ම ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන දෙව් මවු ප්රතිමාව 2016 පෙබ්රවාරි 7 වෙනි දින සවස, කටුනායක අප ස්වාමිදූ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතින් ආශිර්වාද කරනු ලැබිණ.
අපොස්තලික නිවහනේ සිට ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන හරහා දෙව් මවු දර්ශණ භූමිය වෙත සැපත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ප්රථමයෙන්ම දෙව් මවු ප්රතිමාව අසලට ගොස් ටික වේලාවක් ප්රතිමාව ඉදිරිපිට නිහඩව යමක් මෙනෙහි කරන බව පෙණුනි. එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජේසුස් ස්වාමින්වහන්සේගේ ශ්රී හස්තයෙන් අපොස්තුළුවරය ලබා වසර 41ක් සම්පූර්ණ වූ දිනය ද බැවින්, උන්වහන්සේගේ අපොස්තුළුවරය සඳහා පූර්ණ මැදහත්කාරිය ලෙස මරිය තුමී කටයුතු කරනු ලැබූ ආකාරය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට, දෙව් මවු ප්රතිමාව ඉදිරියේ දී අනිවාර්යයෙන්ම සිහිපත් වන්නට ඇති.
මද නිහැඬියාවෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, දෙව් මවුන්ගේ ප්රතිමාව වෙත සිය සුරත ඔසවා යාච්ඤා කල අතර, අනතුරුව උන්වහන්සේ දෙව් මවු ප්රතිමාව ආශිර්වාද කල සේක.
ආශිර්වාද කිරීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නිහඩව කෙටි යාච්ඤාවක යෙදී සිටි අතර, සිය සුරතින් ආසිරි ගන්වනු ලැබූ දෙව් මවු ප්රතිමාව පාමුළට අපොස්තුළු සුරත තබා ප්රතිමාව සිපාචාර කල සේක.
මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ 2016 පෙබ්රවාරි 7 වෙනි ඉරිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දෙව් මවුන්ගේ ප්රතිමාව ආසිරි ගැන්වූ අවස්ථාවයි







