ක්‍රිස්තියාණින්ගේ ප්‍රතිපත්තිය කුමක් විය යුතුද? අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙම පැනය මතු කරනු ලැබුවේ 2013 අප්‍රියල් 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උන්වහන්සේ පවත්වනු ලැබූ දේශණයේදීයි.
සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර ඇති මණ්ඩපයේ දී දිව්‍ය පූජාව පැවැත්වූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය දේශණයේදී මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛ජේසුස් ස්වාමින් වහන්සේ ක්‍රිස්තියාණින්ගේ ප්‍රතිපත්තිය කුමක් විය යුතදැයි අපට ප්‍රකාශ කරලා තියෙනවා. ක්රිස්තියාණි ජනතාව, ඒ කියන්නේ, උන්වහන්සේ අනුගාමී වන ජනතාව, කුමන ප්රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතු දැයි විටින් විට, උන්වහන්සේගේ ශුද්ධවු මුඛයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ ප්‍රතිපත්ති ගණනාවක් ක්රිස්තියාණි අපිට කියල දීලා තියෙනවා. ක්රිස්තියාණි අපිව, අන්අය හඳුනා ගත යුත්තේ, ඒ ප්‍රතිපත්ති රකින ජනතාවක් දැකීමෙනුයි.’’
ශුද්ධවු ලියවිල්ලෙන් කොටසක් උපුටා ගනිමින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ජේසුස් ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබූ මෙම වදන් බැතිමතුන්ට සිහිපත් කරනු ලැබුවා.
‛‛ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැයි මම ඔබට කියමි. එහෙත් ඔබ බිය විය යුත්තේ කවරෙකුටදැයි මම ඔබට පෙන්වමි. ඔබ නැසුනු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනැන්වහන්සේට බිය වන්න. එසේම උන්වහන්සේට බිය වන්නැයි මම ඔබට කියමි.’’(ලූක් 12:4-5)
ඕන තරාතිරමක මිනිසුන් අතරේ, සියළු ක්‍රිස්තියාණින් කොන්ද කෙලින් තියාගෙන ජීවත්විය යුතු බව, සිය දේශණයේදී මතක් කර දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛අපි භය වෙන්නට ඕනා මිනිස්සුන්ට නෙමෙයි. ශරීරය නසන්ට පුළුවන් මිනිස්සුන්ට නෙමෙයි. ජේසු අපිට කියනවා ඔබ බිය වෙන්නට ඕනා ඔබ නැසුනු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනැන්වහන්සේටයි කියලා. වෙන කිසිකෙනෙකුට නෙවෙයි. එහෙම නම් ක්රිස්තියාණි අපි ප්‍රථම කොට මේ වචන වලින් දැන ගන්ඩ ඕනා, කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ඩ. ක්‍රිස්තියානි අපේ කොන්ද නැමුනොත් තමයි වෙනත් පුද්ගලයෝ අපේ පිට උඩ නගින්නේ. ඒ නිසා ක්රිස්තියාණි අපි, මිනිස්සු අතරේ, ඕන තරාතිරමක මිනිස්සු අතරේ, කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්ඩ ඕනා. අපේ ශරීරය නසන්ඩ පුළුවන් කිසිම කෙනෙකුට අපි බිය නොවී. අපි බිය විය යුත්තේ, ජේසු අපිට කියනවා ‛‛ඔබ බිය විය යුත්තේ කවරෙකුටදැයි මම ඔබට පෙන්වමි. ඔබ නැසුනු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනැන්වහන්සේට බිය වන්න. එසේම උන්වහන්සේට බිය වන්නැයි මම ඔබට කියමි.’’ ජේසු අපිට කියනවා, අපි බිය වෙන්නට ඕනා, මරණයෙන් පස්සේ අපව නිරයේ හෙලීමට පුළුවන් තැනැන්වහන්සේට පමණයි.’’
පවට බය ඇති, පිනට ලැදි ඇති සමාජයක් ඇති කරනු පිණිස ආගම් භේදයකින් තොරව සියළු ජනතාවට අනුශාසනා කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, අප්‍රියල් 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර ඇති මණ්ඩපයේ පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ දේශණයේදී උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ,
‛‛අපි හරි වැරැද්ද හඳුනාගන්ඩ ඕනා. වැරැද්ද ප්‍රතික්ෂේප කරන්ඩ ඕනා. හරි දේ අපි තෝරගන්නට ඕනා. ඒ වගේම ක්රිස්තියාණි අපි පින පව හඳුනාගන්නට ඕනා. අපි නැසුනු පසු අපව නිරයේ හෙලීමට බලයත් හැකියාවත් ඇති තැනැන්වහන්සේට බය නම්, අපි පාපයට බය වෙනවා. අපි නැසුනු පසු නිරයේ හෙලීමට බලය ඇති තැනැන්වහන්සේ අපව නිරයට හෙලන්නේ, මේ මිනිස් ශරීරයෙන් ජීවත් වෙන අපි, පාපයේ ජීවත් වුනොත් පමණයි. නැත්නම් උන්වහන්සේ අපිව නිරයට හෙලන්නේ නෑ. එසේ නම් ජේසුස් වහන්සේ කියන්නේ නියම ක්රිස්තියාණිකාරයා, ලොව පුරා සිටින සියළුම ක්‍රිස්තියාණින් ජීවත් විය යුත්තේ, ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ පාපයට බය වීමයි. පාපයක් නොවන සියළු ක්‍රියා කුමක්දැයි හඳුනාගෙන, පාපයෙන් ඈත්වී පාපය ප්‍රතික්ෂේප කර ජීවත්වීම, ක්රිස්තියාණි අපේ ප්‍රතිපත්තිය විය යුතුයි.’’
ශුද්ධෝත්තම අපොස්තුළු තුමා පවත්වනු ලැබූ දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා, විවිධ ප්‍රදේශවලින් පැමිණ උන්වහන්සේ ඉදිරිපිට රැස්වී සිටි බැතිමතුන් අමතා, උන්වහන්සේ සිය දේශණය සමාප්ත කරමින් මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛මේ ශ්‍රී ලංකාව වගේ බෞද්ධ රටක, සමහර විට අප හට අහන්ඩ ලැබෙනවා ක්‍රිස්තියාණින් පව් කරන්ඩ බය නැහැයි කියලා. එසේ නම් එහි කැත නාමය, එහි ලැජ්ජාව, අපි දෙන්නේ කාටද? ජේසුට. ජේසු අපිට කියලා තියෙන්නේ එහෙම ජීවත් වෙන්ඩ නොවෙයි. ජේසු අපිට කියලා තියෙන්නේ මරණයෙන් පසු ඔබව නිරයේ හෙලන්නට පුළුවන් තැනැන්වහන්සේට බියෙන් ජීවත් වෙන්ඩ. මනුෂ්‍යාට නෙමෙයි, අපි බය වෙන්නට ඕනා. ජේසු අපිට කියනවා ඔබේ ශරීරය නසා ඉන්පසු කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැයි මම ඔබට කියමි. ඔබේ ශරීරය නසන්ඩ පුළුවන්, ඊට වඩා දෙයක් කරන්ඩ බෑ. මරණයෙන් පසු, සදාතන ජීවනයට අත තියන්ඩ පුළුවන් තැනැන් වහන්සේටයි බිය වෙන්නට ඕනා. අන්න ඒ තැනැන් වහන්සේට බිය පක්ෂපාත ඇතිව ජීවත් වෙනවානම්, ක්රිස්තියාණි ජනතාව වන ඔබ පාපයට බිය වන්න. ජේසු ඔබට දෙන පණිවිඩය ඕකයි.’’
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 2013 අප්‍රියල් 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ අවස්ථාවන් පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.