කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් තවත් හාස්කමක් වාර්තා වෙයි

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත්වී ඇත.   නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැකගෙන, එතුමිය වෙතින් විවිධ වූ පණිවිඩයන් ද ලබාගෙන, එතුමිය සමග බොහෝ දේ කතාකරගෙන ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අද ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළුතුමා වන…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද මරිය තුමිය සැමට සරණය වන්නාවූ සිද්ධස්ථානයයි

නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝ වෙති. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ දෙව් මවුන්ගේ…

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන්ගේ 61 වන උපන්දිනය සමරා බැතිමතුන් මල් පොකුරු පිළිගන්වයි

අද නැවතත් අපොස්තුළුතුමෙකු මේ ලෝකය තුල ජීවත් වන කාලයක දී ජීවත්වීමේ අවස්ථාව අපට ලැබී ඇත. ඒ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ නැවතත් මේ ලෝකයට දර්ශණය වී අපොස්තුළුතුමෙකු පත්කර ඇති නිසයි. ඒ අපොස්තුළුතුමා, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. මේ ලෝකය තුල උන්වහන්සේ වැඩ සිටින්නේ, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි.   ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මේ…

දිව්‍ය සත්ප්‍රසාදික පිළිවෙත පැවැත්වීම පිළිබදව පාවුළු අපොස්තුළුතුමාගේ පිළිතුරම තමයි මගෙත් පිළිතුර

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය මරණයට පෙර දින වූ උන්වහන්සේගේ අවසන් රාත්‍රිය පිළිබදව බොහෝ දේ ලොවට හෙළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත සිදු කිරීම සදහා එම රාත්‍රියේ දී ජේසුස් ස්වාමින් වහන්සේ අපොස්තුළුතුමන්ලා වෙත බලය පැවරූ අන්දම ද ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරමින් සිය දේශණය පවත්වනු ලැබුවේ 2018 මාර්තු 29 වෙනි මහ බ්‍රහස්පතින්දා දිනයේයි….

ජීවමාන සංඥාවන් දකින්නට ලැබෙන දෙව් මවුන් සමග ජේසු බිළිදු ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය ද සමගින් නව හාස්කම් යාච්ඤාව පුද කිරීම ලබන සෙනසුරාදා සවස 6 ට

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් නිර්මල කන්‍ය මරිය තුමියට ලියනු ලැබූ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම මගින් මේ වන විට ප්‍රාතිහාර්යයන් ලෙස අනුමත කරනු ලැබූ ප්‍රධාන පෙලේ හාස්කම් රැසක්ම සිදුවී ඇත. අනුමැතිය සදහා සලකා බැලෙමින් පවතින ප්‍රාතිහාර්යයන් කීපයක් ද ඇත.   සැදැහැවතුන්ට ජීවමාන සංඥාවන් දකින්ට හැකි ‛දෙව් මවුන් සමග ජේසු බිළිදු ප්‍රතිමාව’ ඉදිරියේ ජපමාල උච්චාරණය ද…