නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය අද ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයක් වී ඇත. මිනිසුන්ගේ පාපයේ වැඩිකම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇතැයි විටෙක අපට සිහිපත් වෙයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1978 ජූලි 1 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, දසනව වන වරට දර්ශණය වෙමින් දෙනු ලැබුවාවූ පණිවිඩයෙහි එක් වගන්තියක් වූයේ, ‛‛මා පුතණුවන් ගලවා ගත් ලෝකය පෙරට වඩා දැඩි වේගයකින් පාපය කරා ගමන් කර, යක්ෂයා වෙත පිය නගනවා’’ යනුවෙනුයි. අවුරුදු 40 කට පෙර නිර්මල කන්‍ය මරිය තුමිය ලොවට මෙම පණිවිඩය ප්‍රකාශ කර ඇත්තාහ. අවුරුදු 40කට පෙර කාලය මතක ඇති වැඩිහිටියන් ටික වේලාවක් කල්පනා කලහොත්, අප භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ අනතුරු හැගවීම තේරුම් යනු ඇත. එදත් අදත් අප ජීවත්වන සමාජය සසදා බැලුව හොත් සැබවින්ම මිනිසුන් පාපය කරා ගමන් කර ඇති ආකාරය පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකියි. එසේනම් මිනිසුන් පිය නගා ඇත්තේ යක්ෂයා වෙතටයි. බොහෝ මිනිසුන් යක්ෂයා වෙත පිය නගා, දැන් යක්ෂයාගේ තුරුල්ලේම ගුලි වී ඇත.

 

කෙසේ වෙතත් අප දයාබර කන්‍ය මරිය මාතාවෝ අපව අමතක කර නැත. අපව යක්ෂයාගෙන් ගලවාගෙන සැනසීම උදාකර දීම සදහා විශාල වෙහෙසක් දරමින් සිටින්නාහ. අද ලෝකය වෙත මරිය තුමියගේ බලය පැතිරෙන්නේ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් බව ඉතාමත් පැහැදිලියි. මරිය තුමියගේ සරණය ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයේ, මරිය තුමිය ද ජනතාව වෙත ලගාවී ඇත. එතුමිය ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට, එහි ලගාවන දනන් වෙත සිය අනුකම්පාවේ සහ වරප්‍රසාදයේ හස්තය දිගු කරන්නාහ.

 

සෑම සෙනසුරාදාම සවස දෙව් මවුන්ගේ සරණය සොයා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් එතුමියගේ පිහිට පතා හාස්කම් යැදුමක් ඔප්පු කෙරෙන අතර, මෙම හාස්කම් යාච්ඤාව කොතරම් ප්‍රබල ද කියතොත් එම යාච්ඤාවට විශ්වාසයෙන් සහභාගි වීමෙන් ජනතාව ලබා ඇති අප්‍රමාණ වූ පිහිට නිසාම, ‛‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’’ මේ වන විට ‛‛කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ප්‍රචලිත වී ඇත.

 

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත හාස්කම් යාච්ඤාව පුද කිරීම සදහා 2017 අගෝස්තු 19 වෙනි සෙනසුරාදා සවස විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියට රැස්ව සිටි සැදැහැවතුන් අතරින් පිරිසකට මෙම හාස්කම් යාච්ඤාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමගින් උච්චාරණය කිරීම සදහා අවස්ථාව ලැබුණි. මෙම ඡායාරූප මගින් ඔබට දැකගන්නට ලැබෙන්නේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රැස්ව සිටි සැදැහැවතුන් වෙනුවෙන් යාච්ඤා කරනු ලැබූ අයුරුයි

 

Mariya Handa

 

MariyaHanda

 

His Holiness Apostle Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

Our Lady of Katunayake

 

Our Lady of Katunayake's Shrine

 

Our Lady of Katunayake's Shrine, Sri Lanka

 

Apostle of Sri Lanka

 

14th Apostle

 

Apostle Rohan Lalith Aponso

 

His Holiness Apostle Aponso

 

Mariya Handa Website

 

Our Lady of Katunayake Shrine, Katunayake.