ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව, විවිධාකාර දුක් වේදනාවලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයාබර ආශිර්වාදයත්, කුමරි මරියාවන්ගේ උණුසුම් කරුණාවත් තුල සැනසීම ලඟාකර ගනිමින්, දයාබර ජේසු සමිඳාණන් මෙන්ම කුමරි මරියාවන් ද අත්දකින්නට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උදාකර දෙන හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ දවස සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී උදාවේ.

 

නිර්මල කන්‍ය මරිය තුමියට අද ඉතාමත් ප්‍රසන්න වූ යාච්ඤාවක් වන මෙම ‛හාස්කම් යාච්ඤාව’ වනාහි නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙත උච්චාරණය කල යුතු දිනයක්, වේලාවක් සහ උච්චාරණය කල යුතු ස්ථානයක් ද නියම වී ඇති ලොව එකම යාච්ඤාවයි.

 

මේ මහා බලසම්පන් වූ යාච්ඤාව 2018 ජනවාරි 13 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමගින් සහ උන්වහන්සේගේ මෙහෙය වීමෙන් පැවැත්වූ අතර හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත