ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය මවු තුමිය දර්ශණය වූ දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව, එම ස්ථාපිත ස්ථානයෙන් ඉවත් කිරීමට සිදු වූයේ දැනට සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු සඳහා අදාල සැලසුමේ තවත් එක් පියවරක් ලෙසිනුයි.

 

දැනට වසර 30කට ආසන්න වූ කාල සීමාවකට පෙර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබූ මෙම දෙව් මවුන්ගේ ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර, දෙව් මවුන් වෙත උපහාර දැක්වීමේ විශේෂ මෙහෙයක් 2013 ඔක්තෝම්බර් 5 වෙනිදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා.

 

අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීමට යෝජිත මේ ජීවමාන ප්‍රමාණයේ දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව ජන හදවත් දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්.

 

දෙව් මවුන්ගේ ප්‍රතිමාව අභියස පැවති, උපහාර දැක්වීමේ විශේෂ මෙහෙය සඳහා දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉතාමත් විචිත්‍රවත් අන්දමින් සරසා තිබුනේ, එම සැරසිළි මගින් ද දෙව් මවුන්ට උපහාරයක් ලෙසිනුයි.

 

පහත ඡායාරූප මගින් දැක්වෙන්නේ 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස, අපොස්තලික මාධ්‍ය ජාලයේ ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවන්හි දෙව් මවුන්ගේ ප්‍රතිමාව සටහන්ව තිබූ ඡායාරූප දහස් ගණනකින් ස්වල්පයක්.

 

මෙම ඡායාරූප හොඳින් නිරීක්ෂණය කලහොත් එකම දිනයක එකම කාලසීමාවක් තුල දෙව් මවු ප්‍රතිමාවේ විවිධ අසිරිමත් වෙනස්වීම් ඔබට දැකගැනීමට ලැබේවි.