ගං වතුරෙන් පීඩාවට පත්වී සිටින අසරණ ජනතාව වෙනුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සහනාධාර බෙදා දීමට පියවර ගත්තේය. උන්වහන්සේ කිසිවෙකුගෙන්වත් ආධාර එකතු නොකර සිය පුද්ගලීක ධනයෙන් ලබාගත් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක් පරිත්‍යාග කිරීම සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වැඩ සිටින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, සූදානම් කෙරුන අයුරුයි මේ. අපොස්තලික මාධ්‍ය ජාලයේ නිලධාරීන් පිරිසක් සහ අපොස්තලික ආරක්ෂක සේවයේ නිලධාරීන් පිරිසක් සහනාධාර ද්‍රව්‍ය ඇසිරීමේ කටයුතුවල මෙසේ නිරත වුනි.
මිනිස්සු අසරණ වුනාම, ඒ අසරණකමින් පවා ප්‍රයෝජන ගන්න මිනිස්සු අතරේ, සිය දෙමාපිය උරුමයෙන් තම නඩත්තුව සඳහා ලද දෙයින් (ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා බැතිමතුන්ගේ පක්ෂුරු වලින් ජීවත් නොවන්නෙකි) මෙසේ විශාල මුදලක භාණ්ඩ අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සිතීම ගැන කියන්නට ඇත්තේ, ‛‛මේ වගේ මිනිසෙකුත් අපේ රටේ ඉන්නවා’’ කියලා දකින්න ලැබෙන එකත් ලොකු සතුටක් බවයි.


































