ලබන අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා නිල් මිණි රන් කිරුළින් පිදුම් ලබන දෙව් මවුන් සමග ජේසු බිළිදු ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2015 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙය අවස්ථාවේ දී ආශිර්වාද කරනු ලැබූ අතර, දිව්‍ය පූජාවෙන් පසුව බැතිමතුන් පිරිසක් ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කරමින් සිටි අයුරු මෙම ඡායාරූපයෙන් පෙනේ. අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා මෙම ප්‍රතිමාවට ඔටුණු පළදවනු ලබන්නේ ද සිද්ධස්ථාන දර්ශණ භූමියේ මෙම ස්ථානයේදීමයි
ස්වර්ගීය අග රාජිණිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ‛‛මුළු විශ්වයේම අග රැජිණ’’ ලෙසින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේගේ ශුද්ධවූ දෝත් වලින් ඔටුණු පළදන අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා දර්ශණ භූමිය හෙවත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය පුරා ආරක්ෂාව තර කෙරෙන බව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ප්‍රකාශ කළේය. විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් සිද්ධස්ථාන භූමිය තුල රඳවා තබන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
මේ වන විට විසිතුන් වතාවක් කටුනාය අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වී ඇති, අප අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ, 1997 ජූලි 27 වෙනි දින ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූයේ, ඕතුමියගේ වම් හස්තයෙන් කුඩා ජේසු බිළිඳුන්ව ද වඩවා ගෙනය. ඒ අනුව නිර්මාණය කරනු ලැබූ ‛‛දෙව් මවුන් ජේසු බිළිඳුන් සමඟ’’ වූ ප්‍රතිමාව 2015 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතින් ආසිරි ගන්වනු ලැබූ අතර, එම දෙව් මවු ප්‍රතිමාවට ඔටුණු පැළඳවීම අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා සවස කටුනාය අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සිදුවනු ඇත.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සම්පූර්ණ ධන පරිත්‍යාගයෙන්, දක්ෂ රන් කරුවන්ගේ අගනා කැටයම් කලාවෙන් නිමවා ඇති මෙම රත්තරන් ඔටුන්නට වටිනා නිල් මැණික් ගල් රාශියක් ඇතුලත් කර ඇත.
ස්වර්ගීය අග රාජිණිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ‛‛මුළු විශ්වයේම අග රැජිණ’’ ලෙසින්, අපොස්තුළුතුමෙකුගේ සුරතින් ඔටුණු පැළඳවීමේ සන්ධ්‍යා මෙහෙය සවස 6 ට ආරම්භ වේ.
ලබන සෙනසුරාදා අති විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සිද්ධස්ථාන භූමිය හෙවත් දර්ශණ භූමිය තුල ක්‍රියාත්මක කරනු ඇත. විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් සිද්ධස්ථාන භූමිය තුල රඳවා තබනු ඇත.
අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා, දෙව් මවුන්ට ඔටුණු පැළඳවීමේ සන්ධ්‍යා දේව මෙහෙයට සහභාගි වීමට බලාපොරොත්තු වන්නාවූ බැතිමතුන් සවස 5.30 ට පෙර සිද්ධස්ථාන භූමියට ඇතුළු වීමට මතක තබා ගන්න. සවස 5.30 ට, සිද්ධස්ථාන භූමියට ඇතුළුවන ප්‍රධාන ගේට්ටු සම්පූර්ණයෙන් ම අගුල් දමා වසනු ඇත. සවස 5.30 න් පසු කිසිවෙකුවත් සිද්ධස්ථාන භූමියට හෙවත් දර්ශණ භූමියට ඇතුළු කරනු නොලැබේ.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිර්මල කන්‍ය මරිය මාතාවන්ට රන් මිණි කිරුළ පළඳවනු ලබන අවස්ථාවේ දී, ‛‛එදා කුරුස ගසේ ජේසු තුමන් සිටිත්දී’’ නැමැති ගීතිකාව ගායනා කරනු ලබන අතර, ඔටුන්න දෙව් මවුන්ගේ සිරසෙහි තැන්පත් කරනු ලබන මොහොතේ දී ගැයෙන, ‛‛අම්මා, අම්මා, අදර අම්මා’’ නැමැති වචන මාලාව අවසානය දක්වා, අත් පොලසන් දෙමින් ගායනය කරන ලෙස සියළුම බැතිමතුන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙය ශබ්ද විකාශන මගින් ද විසුරුවා හැරේ.
ස්වර්ගීය අග රාජිණිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ‛‛මුළු විශ්වයේම අග රැජිණ’’ ලෙසින්, අපොස්තුළුතුමෙකුගේ සුරතින් ඔටුණු පළඳවනු ලබන, අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා සවස 5.30 ට පෙර දර්ශණ භූමියට ඇතුළු වීමට මතක තබා ගන්නා මෙන් සියළුම බැතිමතුන් වෙතින් විශේෂයෙන් ද, කාරුණිකව ද ඉල්ලා සිටිමු.