අපොස්තලික අභිෂේකයේ 37 වන සංවත්සරය සැමරූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත බොදුනුවකුගේ බැතිය පිරිනැමේ

නිල්නුවන් බණ්ඩාර මහතා උපතින්ම බෞද්ධයකු වූවත්, ඔහු තුළ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් පිළිබඳව ඵලගැන්වූ විශ්වාසයට සාක්ෂි දරමින්, අපොස්තුළුවරයේ 37 වෙනි සංවත්සරීක දින නුවරඑළියේදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත ත්‍යාගයක් පුද කරනු ලැබීය.   තමා බෞද්ධයකු වූවත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් පිළිබඳව සමහර කිතුණුවන්ටත් වඩා ලොකු අවබෝධයක් සහ විශ්වාසයක් තමා තුල පවතින බවත්,…

මෙම දෙසැම්බර් මාසයේ ලෝකය විනාශ වෙන්නේවත්, දින තුනක අන්ධකාරයක් ඇති වෙන්නේත් නැහැ

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා අවධාරණයෙන්ම ප්‍රකාශ කරයි   ‛‛දෙසැම්බර් මාසයේ ලෝක විනාශයක් සිදු වෙන්නේ නැහැ. දින තුනක විශේෂ අන්ධකාරයක් ඇතිවෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් හිරු බැස ගොස් අන්ධකාරය ඇතිවන වෙලාවට වෙනදා වගේම අන්ධකාර වෙයි.’’ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නොවැම්බර් 21 වෙනි බදාදා මෙම අදහස් ප්‍රකාශ කලේ උන්වහන්සේව බැහැදැකීමට ජර්මනියේ සිට පැමිණි…

පූජාසනයේදී පාවිච්චි කිරීමට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාට ත්‍යාගයක්

2012 ඔක්තෝම්බර් 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පොදු හමුව අවස්ථාවේදී මුලින්ම උන්වහන්සේ ඉදිරියට පැමිණියේ දක්ෂ ලී කැටයම් ශිල්පියෙකු වූ ප්‍රසන්න කුමාර දසනායක මහතායි.   දසනායක ලී කැටයම් ආයතනයෙහි නිර්මාර්තෘ වන ප්‍රසන්න කුමාර මහතා අත අගනා…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා 37 වන අපොස්තලික වසර සමාප්ත කරමින් සිහිවටන බෙදාදෙනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අවුරුදු 37 කට පෙර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ වෙතින්ම ලැබූ අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය වෙනුවෙන් 2012 පෙබ්‍රවාරි 7 වෙනි දින නුවරඑළියේ දී පවත්වනු ලැබූ දේශණය සමාප්ත කරමින් සිය අපොස්තලික ආශිරිවාදය දානය කිරීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සියල්ලන්ටම, සිය අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය සිහිගැන්වෙන සිහිවටන කාඩ් පත් බෙදාදෙන…

ඉටිපහන් ආලෝකය මධ්‍යයේ මරිය තුමියට ජපමාලය උච්චාරණය කිරීම ලබන සෙනසුරාදා

ලබන සෙනසුරාදා (නොවැම්බර් 17) ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා බැතිමතුන් සහ වන්දනාකරුවන් අතරට පැමිණ, නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී, ඉටිපහන් ආලෝකය මධ්‍යයේ ජපමාලය උච්චාරණය කරනු ඇත.   නිර්මල කන්‍ය මරිය මවු තුමිය ලොව පුරා දර්ශණය වූ සෑම අවස්ථාවකදීම ජපමාලය උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටියාය. එතුමිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අමෙරිකානු ජනාධිපතිවරයාට සුභ පතයි

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස නැවතත් පත්වූ බැරැක් ඔබාමා මහතාට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා විසින් සුභ පැතුම් පණිවිඩයක් යවා ඇත.   ‛‛ඇමරිකාවේ ජනාධිපති ලෙස නැවතත් ඔබ තේරී පත්වීම පිළිබඳව මාගේ උණුසුම් සුභ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. නැවතත් සිය ධූරයේ කටයුතු අඛණ්ඩව ඉටුකිරීමට දෙවියන්වහන්සේ ඔබට මග පෙන්වන සේක්වා’’ යි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය සුභ පැතුම්…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පොදු ජනතා හමුව

සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව, පොදු ජනතාවට අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් සමීපයටම ගොස් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි.   අද ලෝකයේ ජීවත් වන්නාවූ එකම අපොස්තුළුතුමා අසලටම ගොස් කිසිදු භේදයකින් තොරව දණ නමන ජනතාව උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදය මහත් බැතියෙන් ලබා ගනිති. ආරම්භ වන්නාවූ…

නව පාප්තුමාට ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සුභ පතයි

මැදපෙරදිග විශාලතම කිතුණු සභාව වන කොප්ටික් ඕතඩොක්ස් සභාවේ නායකයාණන් ලෙස පත්වූ ශුද්ධෝත්තම අන්බා තවාඩ්‍රොස් පාප්තුමා වෙත, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විසින් සුභ පැතුම් පණිවුඩයක් යවා ඇත.   ‛‛ඉතාමත් දුෂ්කර කටුක කාලයක කොප්ටික් සභාවේ නායකයාණන් ලෙස ඔබ තුමා පත්වී ඇත. අභාවප්‍රාප්ත ශුද්ධෝත්තම තුන්වන ෂෙනොවුඩා පාප්තුමාගේ පාලනයෙන් පසුව ඔබගේ පත්වීම ඉජීප්තුව ඇතුළු ලොව…

නැසීගිය ලොව සියළු ක්‍රිස්තියානින් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දිව්‍ය පූජාව පවත්වයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා පසුගිය සෙනසුරාදා (2012 නොවැම්බර් 3) කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ නැසීගිය ලොව සියළුම ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙනි. දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි ජනතාව අතර ක්‍රිස්තියානි බැතිමතුන් පමණක් නොව, බෞද්ධ බැතිමතුන් ද විය.   අති උත්තම…

තිස් අට වන අපොස්තලික වසර අරඹමින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අපොස්තලික ආශිර්වාදය දානය කරයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ධර්මයේ අයිතිකරුවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. ඊළඟට උන්වහන්සේගේ අපොස්තුළුවරුන් පිරිසයි. මෙලොවින් සමුගෙන ස්වර්ගාරෝහණ වීමට පෙර ජේසුස් ස්වාමින් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ (මතෙව් 28/20) ජේසුස් ස්වාමින් වහන්සේ සදහටම ලෝකය දෙස බලා සිටින සේක. අපොස්තුළුවරුන් මගින් මේ ලෝකයේ අප සමග සිටින සේක….