ඉදිරි සති අන්තයන්හි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දේව මෙහෙයන්

ඉදිරි සති අන්තවල සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලබන දේව මෙහෙයන් පිළිබඳ නිවේදනයක් පසුගිය සෙනසුරාදා (2012 නොවැම්බර් 3) අපොස්තලික දේව මෙහෙයන් සංවිධායක කාර්‍යාලය මගින් නිකුත් කරන ලදී.   එම නිවේදනයට අනුව ඉදිරි සති අන්තයහි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන දේව…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සුදු කුඩයක් යටින් ජනතා හමුවට පැමිණෙයි

2012 ඔක්තෝම්බර් 20 වෙනි සෙනසුරාදා සවස පැවති වැසි සහිත කාලගුණය නිසා අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පොදු ජනතා හමුව සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට පැමිණියේ සුදු පැහැති කුඩයක් යටිනි.   සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණෙන…