ශුද්ධෝත්තම අපොස්තුළු තුමා වෙතින් නත්තල් සුභ පැතුම් පතක්

මෙම වසරේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා පැමිණෙන සියළුම වන්දනාකරුවන්ට උන්වහන්සේ විසින් නත්තල් සුභ පැතුම් පතක් බෙදා දෙනු ලබන බව අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා පවසනු ලැබුවා. මෙම නත්තල් සුභ පැතුම් පතේ එක් පැත්තක පසුගිය වසරේ…

කන්‍ය මරිය මාතාවන්ගේ නිර්මල උපත සමරා කේක් කපයි

නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ උපත සමරා කේක් එකක් කපා එය මහත් සතුටින් භුක්ති විඳින බැතිමතුන් සහ වන්දනා කරුවන් රැසක් පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා නිර්මල කන්‍ය මරිය තුමියගේ පාරිශුද්ධ උත්පත්ති මංගල්‍ය සමරණු ලැබූ දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැක ගැනීමට හැකි විය.   ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරා අපි අපේ ගෙවල්වල කේක් අනුභව කරන්නේ…

සෑම සති අන්තයකම පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව (2012 දෙසැම්බර් 8)

සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව 2012 දෙසැම්බර් 8 වෙනි සෙනසුරාදා සවස ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුනි.   මෙම පොදු හමුවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් පුද බිම වෙත වන්දනාකරුවන් රැස්ව සිටියේ අද ලෝකයේ ජීවත්වන,…

අපොස්තලික අභිෂේකයේ 37 වන සංවත්සරීක දේශණය නිමවා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සමු ගනී

‛අපොස්තුළුවරය’ නම් වූ අති පූජනීය නිලය දානය කල හැක්කේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පමණකි. ඒ නිසාම ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේම දානය කරනු ලැබූ අපොස්තුළුවරයෙන් පිදුම් ලබා අද මෙලොව ජීවත්වන අප අතරේ ජීවත්වන එකම අපොස්තුළු තුමා වන, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින්ම ලද අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය පවත්වනු ලැබුවේ…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පොදු ජනතා හමුව (2012 දෙසැම්බර් 1)

සෑම සතියකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොදු ජනතා හමුව 2012 දෙසැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුනි.   මෙම පොදු ජනතා හමුවට සහභාගි වීම පිණිස නොයෙක් ප්‍රදේශයන්ගෙන් පැමිණ සිද්ධස්ථාන භූමියෙහි රැස්ව සිටි ජනතාව…

අශීලාචාර මිනිසුන් නිසා මේ ලෝකය ජීවත්වීමට අපහසු භයානක තැනක් වෙලා

2012 ඔක්තෝම්බර් 27 වෙනි සෙනසුරාදා සවස පොදු හමුව අවස්ථාවේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් මුල් අකුරු ඉගෙනීම සඳහා කුඩා දැරියක් තම දෙමාපියන් ද සමගින් උන්වහන්සේ වෙත පැමිණියාය. ශුද්ධෝත්තම අපොස්තලික පිය හස්තයෙන් ආශිර්වාදය ලබා යුග දිවිය ඇරඹූ, මීගමුවේ වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ බාල දියණිය වන දෙව්ප්‍රසාදි සාමතිළිණා කුඩා දැරිය…