සෑම සතියකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොදු ජනතා හමුව 2012 දෙසැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුනි.

 

මෙම පොදු ජනතා හමුවට සහභාගි වීම පිණිස නොයෙක් ප්‍රදේශයන්ගෙන් පැමිණ සිද්ධස්ථාන භූමියෙහි රැස්ව සිටි ජනතාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ව දැකගෙන උන්වහන්සේ සමීපයටම ගොස් උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන, උන්වහන්සේගේ සුරත සිපාචාර කිරීමට ලැබෙන එම අවස්ථාව තම ජීවිතයේ අත්වන මහත් භාග්‍යයක් ලෙස සලකති.

 

කුඩා දරුවන් පමණක් නොව මහළු වියේ පසුවන්නන් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත පියනගන්නේ දැඩි බැතියකිනි. උන්වහන්සේ පාමුල වැඳ වැටී අපොස්තලික දෙපා සිපාචාර කරන්නේ මහත් සෙනෙහසිනි. සිනහ මුසු මුහුණින් සිය අපොස්තලික දෝත් විහිදා ඔවුන්ව පිළිගන්නා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා වෙහෙස නොබලා සැමටම ආශිර්වාද කරන්නේ දයාබර පියෙකුගේ සෙනෙහසිනි.

 

2012 දෙසැම්බර් 1 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පවත්වනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පොදු ජනතා හමුවේ අවස්ථා කීපයක් පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි