නිර්මල කන්‍ය මරිය මාතාවනගේ සරණය පතා ජනතාව එතුමිය ඉදිරියේ රැස්වන්නට වූයේ අද ඊයේ සිට නොවෙයි. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවත්ව සිටි කාලයේ දීත්, එය සිදුවිය. කානා නුවර සරණ මංගල නිවසේ දී ජේසුස් ස්වාමින් වහන්සේ ද එහි සිටිය දී, මංගල නිවසේ උදවිය මුහුණ දුන් දුෂ්කර අවස්ථාවේ යම් සරණයක් පතා ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ එහි සිටි කන්‍ය මරිය තුමියටයි.

 

දුක්බර මොහොතක දී කිසිවෙකු හෝ උපකාරයක් පැතුවොත් මරිය තුමිය එදා මෙන්ම අදත් පිහිට වන්නේ දයාබර මවක මෙනි. මේ ලෝකයේ දස අත විසිරී සිටින සිය දරුවන්ගේ වේදනාවේ දෝංකාරයට සවන් දුන් එතුමිය, ස්වර්ගයේ සිට තම දරු කැල සොයා මෙලොවට පැමිණියේ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසි තුන් වතාවක් දැනට පැමිණ ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස 6 ට පූර්ණ ජනතා සහභාගිත්වයෙන් උච්චාරණය කරනු ලබන හාස්කම් යාච්ඤාව අද මරිය තුමියගේ නිර්මල හෘදයට මහත් ප්‍රසන්න වූ යාච්ඤාව බවට පත් වී ඇත. ඊට ප්‍රධානතම හේතුව ලෙසින් සැලකිය හැක්කේ, මෙම යාච්ඤාව ලියන ලද්දේ නිර්මල මරිය තුමිය විසි තුන් වතාවක් දර්ශනය වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වීමයි. එපමණක් ද නොවෙයි, අපොස්තුළුතුමෙකු විසින් මරිය තුමිය වෙත ලියනු ලැබූ යාච්ඤාවක් ද වීමයි. එමනිසා මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන් ජනතාව ලබා ඇති සහ ලබා ගනිමින් පවතින පිහිට රැසකි. ඉවසීමෙන් සහ විශ්වාසවන්තව තම ඉල්ලීම ලිවූ ලිපි අත තබාගෙන මෙම යාච්ඤාව උච්චාරණය කල යුතුය.

 

නිර්මල මරිය තුමිය සිත් ගත් යාච්ඤාවක් අද හාස්කම් යාච්ඤාවක් බවට පත්වී ඇත. හේතුව එම යාච්ඤාව ඉවසීමෙන් සහ විශ්වාසවන්තව උව්වාරණය කිරීමෙන් බලාපොරොත්තු වූ සැනසුම මරිය තුමිය වෙතින් ලගා වී ඇති නිසාය. එම යාච්ඤාවේ ම අංගයක් වූ තම ඉල්ලීම කුමක්ද කියා ලිවූ ලිපිය අත තබාගෙන හාස්කම් යාච්ඤාවට සහභාගිවෙන පිරිසක් 2017 නොවැම්බර් 18 වෙනි සෙනසුරාදා මෙසේ දකින්නට ලැබුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දීයි